බ්‍රැන්ඩික්ස්-රෝහල් රැසකට වෛද්‍ය උපකරණ පිරිනමයි | දිනමිණ

බ්‍රැන්ඩික්ස්-රෝහල් රැසකට වෛද්‍ය උපකරණ පිරිනමයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇඟලුම් නිෂ්පාදන සමාගමක් වන බ්‍රැන්ඩික්ස්, කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී අත්‍යවශ්‍ය වන උපකරණ තොගයක් කෑගල්ල දිස්ත්‍රික් මහ රෝහල, මාවනැල්ල මහ රෝහල සහ සීදූව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත පරිත්‍යාග කිරීමට පසුගියදා කටයුතු කළේය. මනුසත්කාර’ ආයතනික සමාජ සත්කාර ව්‍යාපෘතිය යටතේ කරන ලද මේ පරිත්‍යාගයේදී ‘Non-invasive’ වර්ගයේ වෙන්ටිලේටර් යන්ත්‍ර 12ක් සහ ඔක්සිජන් සාන්ද්‍රණකරණ යන්ත්‍ර 18ක් පරිත්‍යාග කරන ලදි.

කෑගල්ල දිස්ත්‍රික් මහ රෝහලට වෙන්ටිලේටර් යන්ත්‍ර පරිත්‍යාග කිරීම සිදු කරන ලද්දේ රඹුක්කන Brandix Essentials කළමනාකාරීත්වය විසිනි. මෙහිදී, ඔක්සිජන් අවශ්‍ය වන කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා එම රෝහලේ අධි උපස්ථාන ඒකකයට (HDU) වෙන්ටිලේටර් යන්ත්‍ර 8ක් පරිත්‍යාග කිරීම සිදු විය. මේ පරිත්‍යාගය කළ අවස්ථාවට, සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ හා රබර් ආශ්‍රිත භෝග වගා සහ කර්මාන්තශාලා නවීකරණය හා තේ හා රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති කනක හේරත් මහතාද සහභාගි වූ අතර, එම අවස්ථාවේදී ඒ මහතා කෑගල්ල දිස්ත්‍රික් රෝහලේ අධි උපස්ථාන ඒකකය (HDU) විවෘත කිරීමද සිදු කරන ලදි. රාජ්‍ය ඇමැතිවරයා මෙන්ම රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය මිහිරි ප්‍රියංගනි මහත්මියද, රෝගීන්ගේ යහපත වෙනුවෙන් බ්‍රැන්ඩික්ස් සමාගම කළ මේ පරිත්‍යාගය බෙහෙවින් අගය කළහ.

එමෙන්ම Brandix Essentials රඹුක්කන කර්මාන්ත ශාලාවේ කළමනාකාරීත්වය විසින් මාවනැල්ල මහ රෝහල වෙත වෙන්ටිලේටර් යන්ත්‍ර 4ක් පරිත්‍යාග කරන ලද අතර, එම යන්ත්‍ර දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී උදාර ගුණතිලක මහතා වෙත භාරදෙන ලදි.

නව අදහස දක්වන්න