SLTMobitel - PEO TV සේවාවෙන් දුරස්ථ අධ්‍යාපනයට අත්වැලක් | දිනමිණ

SLTMobitel - PEO TV සේවාවෙන් දුරස්ථ අධ්‍යාපනයට අත්වැලක්

ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකතන ජාලය වන SLT-MOBITEL, තම ප්‍රධානතම IPTV සේවාව වන SLTMobitel-PEOTV ඔස්සේ මෙරට දරුදැරියන්ගේ දුරස්ථ අධ්‍යාපනයට අත්වැලක් වීම සඳහා විශේෂ සේවාවන් රැසක් දියත් කර ඇත. මේ සියලු සේවාවන් SLTMobitel-PEOTV මඟින් ලබා ගත හැකි අතර, ඕනෑම දරුවකුට SLTMobitel–Home broadband හෝ වෙනත් ඕනෑම සේවා ජාලයක් හරහා PEOTVGO App එක භාවිත කරමින්ද මේ සේවාවන් ලබා ගත හැකිය.

SLTMobitel-PEOTV මඟින් හඳුන්වා දෙනු ලබන පෙරළිකාරී සේවාවන් අතරට ‘විදැස’ රූපවාහිනි නාලිකා එකතුව සහ Education on Demand (EOD) සේවාව ඇතුළු සේවාවන් පෙළක් ඇතුළත් වී ඇත. ‘විදැස’ යනු 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා වන ශ්‍රේණි සඳහා වෙන්වූ නාලිකා 6කින් සමන්විත සේවාවක් වන අතර, Education on Demand (EOD) ක්‍රමවේදය මඟින් සිසුන්ට තම නිවෙස්වල සිටම, අවශ්‍ය ආකාරයට Pause සහ Rewind කරමින් අධ්‍යාපනික වැඩසටහන් නැරඹීමේ අවස්ථාව හිමි වේ. මේ EOD සේවාවට රටේ ප්‍රමුඛතම අධ්‍යාපනික වැඩසටහන් නිෂ්පාදන ආයතන ලෙස සැලකෙන GURU, Candela, සහ DP Education වැනි ආයතන මඟින් නිපදවන ලද අධ්‍යාපනික Video මාලාවන් ඇතුළත් වී ඇති අතර, තමන්ට කැමති පරිදි මේ වැඩසටහන් නරඹමින් අධ්‍යාපනය ලැබීමට දරුවන්ට අවස්ථාව සලසා දී ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් SLT සමූහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය. “සිසු සිසුවියන්ට තම අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට අවශ්‍ය සම්පත් දීම සඳහා අප නිරන්තරයෙන් උත්සාහ කරනවා. විශේෂයෙන්ම රටේ දැනට පවතින වසංගත තත්ත්වය හමුවේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන්වූ රූපවාහිනි නාලිකා එකතුවක් ආරම්භ කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය ගෙන ඇති තීරණය අප අගය කළ යුතුයි. මේ ජාතික මෙහෙවර ඉදිරියට ගෙන යෑම උදෙසා අධ්‍යාපන අමාත්‍යාංශය හා සමීපව කටයුතු කරන්නට ලැබීම බෙහෙවින්ම ප්‍රසාදයට කරුණක්. මේ සඳහා SLTMobitel-PEOTV සේවාව සතු සුවිශේෂී හැකියාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ගනිමින්, උසස් තලයේ දුරස්ථ අධ්‍යාපන විසඳුම් පිරිනැමීම අපගේ බලාපොරොත්තුවයි.‘‘

නව අදහස දක්වන්න