පෙට්ටිත් නෑ - බිත්තර ගොඩගැහිලා බමුණකොටුව ගොවියට හත වැදිලා | දිනමිණ

පෙට්ටිත් නෑ - බිත්තර ගොඩගැහිලා බමුණකොටුව ගොවියට හත වැදිලා

වාරියපොළ, බමුණාකොටුව යන ප්‍රදේශවල කුකුළු ගොවියන් තම බිත්තර නිෂ්පාදනය අලෙවි කර ගැනීමට නොහැකි වීමෙන් මහත් අසරණ බවට පත්ව ඇතැයි වාර්තා වේ.

සතුන්ගේ කෑමවලට අමුද්‍රව්‍ය අධික මිල ගණන් යටතේ ගැනීමට සිදුව ඇති පසුබිමක ණය පදනම මත මේ බිත්තර කර්මාන්තය කරගෙන යන බවත් 80%ක පමණ බිත්තර අතිරික්තයක් තිබෙන බැවින් එම බිත්තර අලෙවි කර ගැනීමට නොහැකි වීමෙන් බැංකු ණය පියවීමට නොහැකිව තමන් අසරණ වී සිටිනා බවත් ඔවුහු පවසති. එසේම බිත්තර නිෂ්පාදන විශාල වශයෙන් ඉතිරි වීම හේතුවෙන් ඇසුරුම් කිරීමට තරම් ප්‍රමාණවත් ඇසුරුම් නැතිව බිත්තර ගොඩ ගසා තැබීමට සිදු වී ඇති බවටත් ඔවුහු මැසිවිලි නඟති.

පවතින කොරෝනා වසංගතය හේතුවෙන් විවිධ වූ ගැටලුවලට විසඳුම් හා සහන සලසනවා මෙන්ම බිත්තර ගොවියාට ද සහන සලසා දෙන මෙන් කුකුළු බිත්තර ගොවියෝ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

එච්.එම්. නන්දාවතී පතිරාජ - වාරියපොල මධ්‍යම සමූහ

 

නව අදහස දක්වන්න