ඥානසාර හිමිගේ ප්‍රකාශය ගැන විමර්ශනයක් කරන්න | දිනමිණ

ඥානසාර හිමිගේ ප්‍රකාශය ගැන විමර්ශනයක් කරන්න

අගරදගුරු පදවිය ආණ්ඩුවෙන් ඉල්ලයි

පාස්කු ඉරිදා ප්‍රහාරය වැනි අන්තවාදි ප්‍රහාරයක් ඉදිරියේදී එල්ල වීමේ අවදානමක් පවතින බවට බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන ලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමි කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කරන්නැයි අගරදගුරු පදවිය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.

විද්යුත් නාලිකාවක පැවති සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ එම ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් හා ස්ථාන පිළිබඳ ද සඳහන් කළ බවත් මේ ප්‍රහාරයට අදාළව තොරතුරු හා සාක්ෂි උන්වහන්සේ සතුව තිබෙන බවත් එම නිවේදනයේ දක්වා තිබේ.

මේ සම්බන්ධව ජනාධිපතිවරයා දැනුම්වත් කර ඇතැයි අදාළ සාකච්ඡාවේදී හෙළි කළ බවත් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඉතා සංවේදී මේ තොරතුරු පිළිබඳ කඩිනමින් විමර්ශනය කළ යුතු බවද එහි සඳහන් කර තිබේ.

2017 දී කාතෝලිකයන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් වන බවට අගරදගුරු හිමියන් දැනුම්වත් කළ බවට එහිදී උන්වහන්සේ කළ ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන බවත් එවැනි අනතුරු හැඟවීමක් උන්වහන්සේ කිසිදු විටෙක කර නැති බවත් දක්වා තිබේ.

 


නව අදහස දක්වන්න