හිඟුරක්ගොඩ කොවිඩ් වාට්ටුවට උදවුවක් කරමු | දිනමිණ

හිඟුරක්ගොඩ කොවිඩ් වාට්ටුවට උදවුවක් කරමු

හිඟුරක්ගොඩ මූලික රෝහලේ පවත්වාගෙන යන කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන ආසාදිතයන් අතරින් හුස්ම ගැනීමේ අපහසුතාවලට ලක්වන රෝගීන්ට ඔක්සිජන් දීමේ පහසුකම් ඇති නව වාට්ටු සංකීර්ණයක් පසුගියදා විවෘත කෙරිණි. රෝහල් අධිකාරි වෛද්‍ය ජයනාත් දිසානායක මහතාගේ කැපවීම මත පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සංඝයා වහන්සේගේත් දානපතියන් පිරිසකගේත් මූල්‍ය දායකත්වයෙන්, සුහද හදවත සංවිධානයේ ශ්‍රම දායකත්වයෙන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපාදන ඇතිව එකවර රෝගීන් 24 දෙනකුට ඔක්සිජන් දීමට පහසුකම් සලසා තිබේ.

පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සරච්චන්ද්‍ර කුමාරවංශ සහ යුද හමුදාවේ මේජර් ජෙනරාල් නලින් කොස්වත්ත යන මහත්වරු මේ අවස්ථාවට සහභාගි වී සිටියහ. මෙහිදී විශේෂ ඉල්ලීමක් කළ රෝහල් අධිකාරිවරයා කියා සිටියේ කොරෝනා රෝගීන් වෙනුවෙන් සකස් කළ මේ නව වාට්ටුව තුළ ස්ථාපිත කර ඇති ඇඳන් 24ට multimedia යන්ත්‍ර විසි හතරක් අවශ්‍ය නමුත් දැනට ලැබී තිබෙන්නේ හයක් පමණක් බැවින් 18ක අඩුවක් පවතින බවටය. රෝගීන් වෙනුවෙන් එම අඩුපාඩු සපුරා ගැනීමට ලක්වැසියන්ගේ සහයෝගය අපේක්ෂා කරන බවත් වෛද්‍ය ජයනාත් මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

 

නව අදහස දක්වන්න