බස් රථ නැවත ධාවනයට රු.150,000ක සහනයක් දෙන්න - ගැමුණු විජේරත්න | දිනමිණ

බස් රථ නැවත ධාවනයට රු.150,000ක සහනයක් දෙන්න - ගැමුණු විජේරත්න

ලබන මස රට විවෘත වන්නේ නම් බස් රථ නැවත ධාවනය කිරීමට රුපියල් එක්ලක්ෂ පනස් දහසක් වටිනා සහන පැකේජයක් දිය යුතු බව සමස්ත ලංකා බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ‘දිනමිණ‘ට ඊයේ (20) පැවසීය.

එමෙන්ම බස් රියැදුරන් සහ කොන්දොස්තරවරුන්ටද රුපියල් 25,000ක හෝ දීමනාවක් ලබා දිය යුතු බවද හෙතෙම කීවේය.

ප්‍රවාහන සේවා රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම මහතා යෝජනා කළ සහන පැකේජය අගය කරන බව ද හෙතෙම පැවසීය.

මෙම සහනය දිවයින පුරා ක්‍රියාත්මක පෞද්ගලික බස් රථ 20,000ටම හිමිවිය යුතු යැයිද කියා සිටි ගැමුණු විජේරත්න මහතා දීර්ඝ කාලයක් ධාවනය නොකළ බස් රථ බැට්රි, ටයර් ඇතුළු කොටස් අලුත්වැඩියා කර යළි ධාවනය කිරීමට විශාල මුදලක් වැයවන බව ද කීවේය.

සුභා­ෂිණී සේනා­නා­යක

නව අදහස දක්වන්න