කිරි පිටි මිළට මොකද වෙන්නේ ? | දිනමිණ

කිරි පිටි මිළට මොකද වෙන්නේ ?

කිරිපිටි මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අවසන් තීරණය අනිද්දා පැවැත්වෙන ජීවන වියදම් කමිටුවේදී තීරණය කිරීමට නියමිතව ඇත
 
එහිදී මිල සම්බන්ධයෙන් අවසන් තිරණයකට එළඹෙනු ඇති.
 
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ආනයනකරුවන් අතර සාකච්ඡාවක් පසුගියදා පැවැත්විය.
 
එහිදී ආනයනකරුවන් ඉල්ලා ඇත්තේ කිරිපිටි කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 350කින් ඉහළ දැමිය යුතු බවටය
 
කෙසේ වෙතත් පසුව මුදල් අමාත්‍යවරයා සමඟ දීර්ඝ වශයෙන් පැවති සාකච්ඡාවේදී වෙළද තත්ත්වය සහ ආනයනික බදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් පසුව රුපියල් 200ක මිල වැඩිවීමකට ආනයනකරුවන් එකඟ වී ඇති බව වාර්තා වෙයි
 

නව අදහස දක්වන්න