රිෂාඩ් තවදුරටත් රිමාන්ඩ් | දිනමිණ

රිෂාඩ් තවදුරටත් රිමාන්ඩ්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ලබන මස 05 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස  අද (21) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
 
එම පැමිණිල්ල අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
 
හිටපු අමාත්‍යවරයා මුදා හරින ලෙස ඔහුගේ නීතිඥවරු ඉල්ලා සිටියහ.
 
මෙම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කියා සිටියේ රජයේ  නීතිඥවරයෙකුගේ සහාය ලබාගැනීමට තමන්ට නොහැකි වූ බවත් ඒ සඳහා දිනයක් ලබා දෙන ලෙසත් ඉල්ලීමක් සිදු කර ඇත
 

නව අදහස දක්වන්න