නාත්තණ්ඩිය හදන්න පනස් තුන් කෝටියක් | දිනමිණ

නාත්තණ්ඩිය හදන්න පනස් තුන් කෝටියක්

නාත්තණ්ඩිය ආසනයේ යටිතල පහසුකම් සංවර්ධනයට 1956න් පසුව රජයකින් වෙන් කළ වැඩිම මුදල් ප්‍රමාණය වෙන් කර ගැනීමට පුත්තලම දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතා සමත් වී තිබේ. එම මුදල ලක්ෂ 5,280කි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘ගම සමඟ පිළිසඳර’ වැඩසටහන හා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ පළාත් සභා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට දෙන අරමුදල් යටතේ මේ මුදල හිමි වී ඇත. මේ ප්‍රතිපාදනවලින් ආසනයේ මහාමාර්ග, කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, ස්වයං රැකියාලාභීන්ට සහන සැලසීම ආදි ව්‍යාපෘති ගණනාවක් සිදු කිරීමට නියමිත බවද අශෝක ප්‍රියන්ත මහතා පවසා සිටියේය.

විමලසේන නම්මුනි - නාත්තණ්ඩිය සමූහ

 

නව අදහස දක්වන්න