රිෂාඩ් සහ රියාජ්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම වැඩිදුර සලකා බැලීම 15 දා | දිනමිණ

රිෂාඩ් සහ රියාජ්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම වැඩිදුර සලකා බැලීම 15 දා

නෙල්කා මැදගෙදර

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරකයන්ට ආධාර අනුබල දුන් බවට සැකපිට අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා තබා සිටින තමන් වහාම මුදාහරින ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් සිය නීතිඥවරුන් මඟින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳ වැඩිදුර කරුණු සලකා බැලීම මේ මස 15 දා සිදු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (12) තීරණය කළේය.

විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, ගාමිණී අමරසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මේ පෙත්සම කැඳවන ලදි. වැඩි දුර කරුණු සලකා බැලීම සඳහා මේ පෙත්සම් වෙනත් දිනයක කැඳවීමට එහිදී තීරණය විය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීරණය කරන ලෙස පෙත්සම්කරුවන් මේ පෙත්සම් මඟින් ඉල්ලා තිබේ. ඒ වෙනුවෙන් රුපියල් කෝටි පන්සියය බැඟින් වන්දි මුදලක් ලබා දෙන්නැයිද ඔවුන් වෙන්වෙන්ව ගොනු කල පෙත්සම් මඟින් ඉල්ලා ඇත.

නව අදහස දක්වන්න