අසාද් සාලි 25 දා උසාවි ගේන්නැයි නියෝග | දිනමිණ

අසාද් සාලි 25 දා උසාවි ගේන්නැයි නියෝග

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව රක්ෂිත බන්ධනාගාරගත බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ලබන 25 දා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ මහාධිකරණය බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය.

අසාද් සාලි මහතා සම්බන්ධයෙන් ගොනු කළ මෝසමක් සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා මේ නියෝගය කළේය. විත්තිකාර අසාද් සාලි මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාට අදාළ නඩුව නොවැම්බර් මස කැඳවීමට නියමිතව තිබුණත් ඔහු දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටින හෙයින් එම නඩුව කෙටි දිනයකදී කැඳවීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය. එම ඉල්ලීම පිළිගත් අධිකරණය අදාළ නඩුව මේ මස 25 දා කැඳවීමට නියම කළ අතර, එදින අසාද් සාලි මහතා අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නැයි කොළඹ බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය.

රෝෂන් තුෂාර

නව අදහස දක්වන්න