ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වසන්තප්‍රිය රාමනායක සමුගනී | දිනමිණ

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වසන්තප්‍රිය රාමනායක සමුගනී

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු මෙන්ම ලේක්හවුස් ආයතනයේ හිටපු සභාපතිවරයකුද වූ වසන්තප්‍රිය රාමනායක මහතා අද (14) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ.
 
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ මෙන් ම ''දෙසතිය ' පුවත් සඟරාවේ හිටපු ප්‍රධාන සංස්කාරක ලෙස ද වසන්තප්‍රිය රාමනායක මහතා කටයුතු කර ඇත.
 
 
වසන්ත ප්‍රිය රාමනායක මහතා ගාල්ල විද්‍යාලෝක විද්‍යාලීය ආදි ශිෂ්‍යයෙකි. ඒ මහතා ''පෙරමඟ '' සඟරාවේ සංස්කාරකවරයකු ලෙස ද කටයුතු කර ඇති අතර ''දෙසතිය'' සඟරාවේ අභිවෘද්ධිය වෙනුවෙන් සුවිශේෂී සේවයක් ඉටු කළේ ය
 
. ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයකු ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වෙනුවෙන් සුවිශේෂී සේවයක් ඉටු කළ වසන්ත ප්‍රිය රාමනායක මහතා, දේශපලන හා ආර්ථික විචාර  ලිපි පුවත්පත් රැසකට සම්පාදනය කළ ප්‍රවීනයෙක් විය. ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂකවරයකු ලෙස ද වසන්ත ප්‍රිය රාමනයක මහතා කටයුතු කර ඇත.
 
පත්‍ර කලා වෘත්තීය සමිති ව්‍යාපාරයේ ද කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කළ රාමනායක මහතා ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ ජාතික සංවිධායක ලෙස ද කටයුතු කළ අතර ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමයේ නිර්මාතෘවරයා ද වන්නේ ය.
 
කලක් රෝගාතුරුව ප්‍රතිකාර ලබමින් සිටි වසන්ත ප්‍රිය රාමනායක මහතා, දෙදරු පියෙකි.
 
ඒ මහතාගේ දේහය මේ වන විට බොරැල්ල ජයරත්න මල් ශාලාවේ Respect හි තැන්පත් කර ඇත. අවසන් කටයුතු හෙට (15) ප.ව. 3.00 බොරැල්ල සුසාන භූමියේදී සිදු කෙරේ.

නව අදහස දක්වන්න