vivo ස්මාර්ට් දුරකතන ලෝකය අලුත් කරයි | දිනමිණ

vivo ස්මාර්ට් දුරකතන ලෝකය අලුත් කරයි

vivo සමාගම විසින් පසුගියදා චීනයේ ෂැන්හයි නුවරදී self-designed Imaging Chip V1 එළි දැක්වීය. එහිදී vivoහි දිගු කාලිීන තාක්ෂණික නවෝත්පාදන උපාය මාර්ගයන්ගේ සාර්ථක කැපවීම මානව පිළිබිඹු කරමින් Imaging Chip V1 හඳුන්වා දුන් අතර, එමඟින් vivoහි සිව් වැදෑරුම් දිගු කාලීන උපාය මාර්ග තවදුරටත් පුළුල් කෙරිණි.

vivoහි විධායක උප සභාපති සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි හු බයිෂාන් මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් මෙසේ පැවසීය. “ V1 කියන්නේ උසස්ම දෘශ්‍ය තත්ත්වයෙන් යුත්, ජායාරූප සහ වීඩියෝ යෙදුම් සඳහාම නිර්මාණය කෙරුණු අංගසම්පූර්ණ ඒකාබද්ධ පරිපථ චිපයක්. එය vivoහි ස්වාධීන පර්යේෂණ හා සංවර්ධන මෙන්ම චිප් නිර්මාණකරණයේ ආරම්භක ඉදිරි ගමනේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරනවා. vivoහි imaging system සැලසුමට අනුකූලව viewfinder look සහ video recording වැනි ස්මාර්ට් ජංගම දුරකතන යෙදුම් වඩාත් ගුණාත්මක තත්ත්වයකට ගෙන ඒම සඳහා Imaging Chip V1 වඩා හොඳින් සේවය ලබා දෙනවා.”

vivoහි පර්යේෂණ හා සංවර්ධන නිලධාරීන් මෙන්ම රූප විද්‍යාගාර විශේෂඥයන් 300කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් Imaging Chip V1 මාස 24ක් පුරාවට සංවර්ධනය කෙරුණි. චිප් මට්ටමින් නවෝත්පාදන image processing (IP) තාක්‍ෂණයට පුරෝගාමීත්වය ලබා දීම සඳහා වූ vivoහි ප්‍රවේශය ප්‍රධාන වශයෙන් රූප පද්ධතිය, මෙහෙයුම් පද්ධතිය, කාර්මික සැලසුම් සහ කාර්ය සාධනය යන උපාය මාර්ග හතරක් වටා ක්‍රියාත්මක වේ. මෙහිදී බයිෂාන් මහතා පවසන පරිදි මේ fully-customized කළ චිප්ස් සඳහා සැලකිය යුතු ඉල්ලුමක් පවතින අතර, දිගු කාලීන උපාය මාර්ගික ප්‍රවේශය සඳහා සහාය දැක්වීමේදී vivoහි නිෂ්පාදන හා තාක්‍ෂණික අවශ්‍යතාවන්ට සරිලන සැපයීමේ හැකියාවක් වෙළෙඳපොළේ අවම වූ විට හවුල්කරුවන් සමඟ පමණක් එක්ව චිප්ස් නිපදවීම පිළිබඳ vivo සලකා බලනු ඇත. vivo චිප් නිෂ්පාදනය නොකරන නමුත් පාරිභෝගිකයන්ගේ හඳුනාගත් අවශ්‍යතා සඳහා සහ ප්‍රධාන image processing නවෝත්පාදන සඳහා algorithms සකස් කිරීම කෙරෙහි සිය සම්පත් උපායමාර්ගිකව යොමු කරයි.

නව අදහස දක්වන්න