විෂන් කෙයා දරුවන්ගේ ඇස් රැක ගැනීමේ වැදගත්කම පෙන්වා දෙයි | දිනමිණ

විෂන් කෙයා දරුවන්ගේ ඇස් රැක ගැනීමේ වැදගත්කම පෙන්වා දෙයි

මෙරට ප්‍රමුඛතම දෘෂ්ටි සේවා සපයන්නා වූ විෂන් කෙයා ආයතනය, ලෝක ළමා දිනය සනිටුහන් කරමින් දරුවන්ගේ ඇස් ආරක්ෂා කිරීමේ වැදගත්කම සහ ඒ සඳහා ගත හැකි පියවර සම්බන්ධයෙන් මවුපියන් දැනුම්වත් කරන ලදි. මේ පිළිබඳ මව්පියන් දැනුම්වත් කිරීම සඳහා විෂන් කෙයා ආයතනය පසුගියදා සිය YouTube නාලිකාව හරහා වෙබ් සම්මන්ත්‍රණයක් පැවැත්වූ අතර, එහිදී සුදුසුකම් ලත් දෘෂ්ටි විශේෂඥයන් විසින් මේ විෂය පිළිබඳ ප්‍රේක්ෂකයන් දැනුම්වත් කරන ලදි.

කොවිඩ් වසංගතයත් සමඟ දරුවන්ගේ ඉගෙනීමේ කටයුතු වැඩි වශයෙන් සිදු වූයේ ඔන්ලයින් ක්‍රමවේදයන් හරහාය. දරුවන් දිගු වේලාවක් පරිගණක, ජංගම දුරකතන හෝ රූපවාහිනි වැනි ඩිජිටල් තිර දෙස බලා සිටීමෙන් ඩිජිටල් අක්ෂි විඩාව (Digital Eye Strain) හෝ පරිගණක දෘෂ්‍ය සින්ඩ්‍රෝමය (Computer Vision Syndrome) යන අක්ෂි රෝග ඇති විය හැකි අතර, එහි රෝග ලක්ෂණ වන්නේ වරින් වර පෙනීම වෙනස් වීම, අක්ෂි විඩාව, හිසරදය, වියළි ඇස්, ශරීරයේ තෙහෙට්ටුව සහ උරහිස් සහ බෙල්ලේ වේදනාව වැනි රෝග ලක්ෂණයි. එමෙන්ම, මයෝපියාව (Myopia) හෝ දුර නොපෙනීමද එවැනි දරුවන් අතර බහුලව දක්නට ලැබේ. ඕනෑම ඩිජිටල් තිරයකින් නිකුත් කෙරෙන අහිතකර කිරණ (නිල් එළිය) දරුවන්ගේ දෘෂ්ටි විතානයේ දුර්වලතා ඇතිවීමට හේතු විය හැකි අතර, එමඟින් නින්ද අක්‍රමවත් කර විඩාව ඇති කරයි.

ඔබේ දරුවාගේ ඇස සහ සාමාන්‍ය සෞඛ්‍ය නිසියාකාරව පවත්වාගෙන යෑමට නිතිපතා අක්ෂි පරීක්ෂා කිරීම අත්‍යවශ්‍යයි. ඔවුන්ගේ අධ්‍යාපනයට හා අනෙකුත් කටයුතුවලට බාධා ඇති වීමට පෙර අක්ෂි දෝෂ කලින් හඳුනා ගැනීම සහ ප්‍රතිකාර කිරීම වැදගත් වේ. මේ සඳහා ගත යුතු පළමු පියවර වන්නේ දරුවන් නිසි අක්ෂි පරීක්ෂාවක් සඳහා මනා පුහුණුව ලත්, පළපුරුදු දෘෂ්ටි සේවා වෘත්තීයවේදියකු වෙත යොමු කිරීමයි. පරීක්ෂණ ප්‍රතිඵල මත, දෘෂ්ටි සේවා වෘත්තීයවේදීන් විසින් සාමාන්‍යයෙන් මේ තත්ත්වය සඳහා හොඳම විසඳුම ලෙස ළමා පරිගණක ඇස් කන්නාඩි භාවිත කිරීම නිර්දේශ කරයි.

නව අදහස දක්වන්න