වෙළෙඳසලේ සේවකයා ඇඳිරිනීති කාලේ බඩු උස්සා විකුණලා | දිනමිණ

වෙළෙඳසලේ සේවකයා ඇඳිරිනීති කාලේ බඩු උස්සා විකුණලා

නිරෝධායන ඇඳිරිනීති කාල සීමාවේදී අවස්ථා කිහිපයකදීම ත්‍රිකුණාමල නගරයේ විදුලි උපකරණ වෙළෙඳසලකින් විදුලි උපකරණ සොරාගත් තිදෙනකු සමඟ විදුලි උපකරණ රැසක් පසුගියදා අත්අඩංගුවට ගත් බව ත්‍රිකුණාමලය මූලස්ථාන පොලිසිය ප්‍රකාශ කළේය.

එම වෙළෙඳසලේ සේවකයකු අවස්ථා කිහිපයකදී පිටුපසින් වෙළෙඳසල විවෘත කර මේ භාණ්ඩ සොරාගෙන ගොස් තිබේ. විදුලි ස්ත්‍රික්ක, අවන්, ගෑස් කුකර්, ටෝස්ටර් ආදි විදුලි උපකරණ රැසක් මෙලෙස සොරකම් කර ඇත් අතර එම සේවකයා තම සහෝදරයා සමඟ තවත් මිතුරන් දෙදෙනකු සම්බන්ධ කරගෙන මේ විදුලි උපකරණ ඉතා අඩු මිලකට අලෙවි කර තිබියදී සොයාගෙන ඇත.

ඒ.ටී.එම්.ජී. ගුණානන්ද - ත්‍රිකුණාමලය විශේෂ

 

නව අදහස දක්වන්න