සයිනොෆාම් එන්නත ගැන සිදු කළ නවතම අධ්‍යයනයකින් හෙළි වූ දේ | දිනමිණ

සයිනොෆාම් එන්නත ගැන සිදු කළ නවතම අධ්‍යයනයකින් හෙළි වූ දේ

සයිනොෆාම් එන්නත් ලබාගත් පුද්ගලයින්ගේ ශරීරයේ කොවිඩ් වෛරසයට එරෙහිව සටන් වැදීමේ ශක්තිය අඛණ්ඩව දක්නට ලැබෙන බව නවතම අධ්‍යයනයකින් අනාවරණ වී තිබේ.
 
සයිනොෆාම් එන්නතේ ප්‍රතිදේහ ජනනය සහ ටී සෛල ප්‍රතිචාර දැක්වීම පිළිබඳව පැවැත්වූ නවතම අධ්‍යයනයක තොරතුරු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා, සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ, ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සිය ටිව්ටර් ගිණුමේ සටහන් කර ඇත.
 
ඉන් අනාවරණ වී ඇත්තේ සයිනොෆාම් දෙවන මාත්‍රාව ලබාදී සති 12කට පසුවද කොවිඩ් වෛරසය ආගන්තුක දේහයක් ලෙස සලකා ටී සෛල මඟින් ප්‍රතිචාර දැක්වීම එලෙසින්ම පවතින බවය.
 
කෙසේනමුත් වෛරසයට එරෙහි ප්‍රතිදේහ ජනනය, වයස අවුරුදු 60ට වැඩි කාණ්ඩයේ කැපී පෙනෙන අඩුවීමක් දක්නට ලැබෙන බව එහි සදහන්වේ.
 
එමෙන්ම පරීක්ෂණ කණ්ඩායමේ නිගමනය වී ඇත්තේ, ප්‍රතිශක්තිය දුර්වල වීම හමුවේ රෝහල්ගත කිරීම සහ බරපතළ තත්ත්වයට පත්වීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කළ යුතු බවය. 

නව අදහස දක්වන්න