එක් දින සේවයෙන් දිනකට පාස්පෝට් 1,500ක් | දිනමිණ

එක් දින සේවයෙන් දිනකට පාස්පෝට් 1,500ක්

සුභාෂිණී සේනානායක

ගෙවුණු වසරට වඩා 50%ක වැඩි වීමක්

විදේශ ගමන් බලපත්‍රය ගැනීමේදී මේ වන විට එක් දින සේවාව යටතේ දිනකට විදෙස් ගමන් බලපත්‍ර 1,500ක් පමණ නිකුත් කරන බව ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ගයාන් මිලින්ද මහතා ‘දිනමිණ‘ට පැවසීය.

පසුගිය වසරේදී එක් දින සේවාව යටතේ විදෙස් ගමන් බලපත්‍ර 500ක් පමණ නිකුත් කළද එහි වර්ධනයක් මේ වනවිට ඇතිවී තිබෙන බව කියා සිටි මාධ්‍ය ප්‍රකාශකවරයා මීට අමතරව සාමාන්‍ය සේවාව යටතේද විදෙස් ගමන් බලපත්‍ර 1,000ක් පමණ නිකුත් කරන බවද කියා සිටී.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයෙන් පසුගිය දින 10 තුළ එක් දින සේවයෙන් පමණක් පුද්ගලයන් 12,158ක් විදේශ ගමන් බලපත්‍ර ගෙන ඇති අතර, සාමාන්‍ය දිනකදී එක් දින සේවයට ඉල්ලුම්පත් දහසක් පමණ ලැබුණද පසුගිය දිනවල එම සංඛ්‍යාව 1,500 ඉක්මවා තිබූ බවද කී ඒ මහතා ඒ අනුව එක් දින සේවයෙන් විදේශ ගමන් බලපත්‍ර ගැනීම සියයට 50කින් වර්ධන වී ඇති බවත් සඳහන් කළේය.

නව අදහස දක්වන්න