පොලිස් රාජකාරියට බාධා කළැයි ඥානසාර හිමිට එරෙහි නඩුව ජනවාරි 21 දා විභාගයට | දිනමිණ

පොලිස් රාජකාරියට බාධා කළැයි ඥානසාර හිමිට එරෙහි නඩුව ජනවාරි 21 දා විභාගයට

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළේ යැයි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ගොනුකර තිබෙන නඩුව ජනවාරි මස 21 වනදා විභාගයට ගැනීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා මහත්මිය ඊයේ (22) දින නියම කළාය. එදින සාක්ෂිදීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සාක්ෂිකරුවන්ටද මහෙස්ත්‍රාත්වරිය සිතාසි නිකුත් කළාය.

2017 වසරේ වැලිකඩ පොලිස් වසම තුළ මත්ද්‍රව්‍ය වැටලීමක් කිරීමට ගිය පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළේ යැයි ඥානසාර හිමියන්ට චෝදනා එල්ල වී ඇත.

සිරන්ජනි කුමාරි

නව අදහස දක්වන්න