කුයින්ටන් දණ නැමීම ප්‍රතික්ෂේප කරයි | දිනමිණ

කුයින්ටන් දණ නැමීම ප්‍රතික්ෂේප කරයි

කොදෙව් පිලට එරෙහිව ඊයේ පැවැති තරගයෙන් දකුණු අප්‍රිකා පිලේ හිටපු නායක කුයින්ටන් ඩි කොක් ඉවත් වීම නිසා එරට ක්‍රිකට් ආයතනය ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමේ සූදානමක් ඇතැයි වාර්තා වේ. මේ සිදුවීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ඉදිරි පියවර ගැනීම සඳහා කණ්ඩායමේ කළමනාකාරීත්වයෙන් වාර්තාවක් ද ඉල්ලා ඇත.

කුයින්ටන් ඩි කොක් මේ තරගයෙන් ඉවත් වී ඇත්තේ වර්ගවාදයට විරුද්ධත්වය පළ කිරීමට තම කණ්ඩායමේ සියලු ක්‍රීඩකයන් ලෝක කුසලාන තරගාවලියේ සෑම තරගයකටම පෙර දණ නමා අභිනය සිදු කළ යුතු බවට එරට ක්‍රිකට් ආයතනය අනිවාර්ය කිරීම නිසා බව පසුව වාර්තා විය.

වර්ගවාදයට විරුද්ධත්වය පළ කරමින් මෑත කාලයේ ලොව බොහෝ ක්‍රීඩා ඉසව්වලදී ඊට සහභාගි වන ක්‍රීඩකයන් දණ නමා අභිනයන් සිදු කරන අතර, එය ක්‍රිකට් පිටියේදීද සුලබ දසුනකි.

නව අදහස දක්වන්න