තෙවැනි මාත්‍රාවට ‘ෆයිසර්’ දීම නොවැම්බර් 1 දා සිට ඇරැඹේ | දිනමිණ

තෙවැනි මාත්‍රාවට ‘ෆයිසර්’ දීම නොවැම්බර් 1 දා සිට ඇරැඹේ

සෞඛ්‍ය අංශවලට ප්‍රමුඛතාව

ජාතික එන්නත්කරණ වැඩපිළිවෙළ යටතේ තුන්වැනි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත දීම නොවැම්බර් මස පළමුවැනි දින සිට ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

ඇමැතිවරයා සඳහන් කර සිටියේ ප්‍රමුඛතා ලැයිස්තුවට අනුව ප්‍රථමයෙන් සෞඛ්‍ය අංශ වෙත එන්නත දීම ආරම්භ කරන බවයි.

මේ වන විට ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 2ක ප්‍රමාණයක් මෙරටට ගෙන්වා තිබෙන බවත් තවත් එන්නත් මාත්‍රා මිලියන 14ක් ඇණවුම් කර ඇති බවත් ඒ මහතා ඊයේ (26) සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් සඳහන් කළේය.

ඉෂාරා සිල්වා

නව අදහස දක්වන්න