මුල්ලේරියාවේ වෙඩි තැබීමකින් අයෙක් මරුට | දිනමිණ

මුල්ලේරියාවේ වෙඩි තැබීමකින් අයෙක් මරුට

මුල්ලේරියාව, දෙල්ගහවත්ත ප්‍රදේශයේ නිවෙසක් තුළදී ඊයේ (26) කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් තිබේ. මුල්ලේරියාව, මීගහවත්ත ප්‍රදේශයේදී ඊයේ පෙරවරු 6ට පමණ කර ඇති එම වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ තන්තිරිගේ නුවන් නමැති 42 හැවිරිදි පුද්ගලයෙකි.

වෙඩි තැබීමෙන් තවත් අයකු තුවාල ලබා ඇති අතර, ඔහු මුලින් තලංගම රෝහලට අතුළත් කර පසුව ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

මුල්ලේරියාව, කොටිකාවත්ත, දෙල්ගහවත්ත නිවෙසකට කඩා වැඳුණු නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු මේ වෙඩි තැබීම කර පලා ගොස් ඇති අතර, මේ ඝාතනය පිටුපස තිබෙන්නේ පාතාල සම්බන්ධතාද එසේ නැති නම් මත්ද්‍රව්‍ය ජාවාරම්ද යන්න සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් ‘දිනමිණ‘ කළ විමසීමකට පිළිතුරු දෙමින් පැවසීය.

වෙඩි තැබීමට කලින් නිවෙසට එක්තරා පුද්ගලයකු පොලිසියෙන් බව හඟවා නිවැසියන්ට දුරකතන ඇමතුමක්ද දී තිබේ. මේ සම්බන්ධයෙන් විමර්ශන කිරීමට කොළඹ අපරාධ කොට්ඨාසයත්, මිරිහාන විශේෂ අපරාධ අංශය හා තවත් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇත.

 



සුභාෂිණී සේනානායක සහ රාගම සමූහ

නව අදහස දක්වන්න