පසුගියදා ජීවිත තුනක් බිලිගත් ඇල්ලවල දිය ඇල්ල සංචාරකයන්ට තහනම් වෙයි | දිනමිණ

පසුගියදා ජීවිත තුනක් බිලිගත් ඇල්ලවල දිය ඇල්ල සංචාරකයන්ට තහනම් වෙයි

වැල්ලවාය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් ඇල්ලවල දියඇල්ල නැවත දැනුම් දෙනතුරු සංචාරකයින්ට තහනම් කර ඇත
 
මෙම තහනම් කිරීමට ආසන්නතම සිදු වීම ලෙස වාර්තා වනුයේ  පසුගියදා එකම පවුලේ පියා සහ දරුවන් දෙදෙනා එම ඇල්ලේ දිය නෑමට ගොස් ජීවිතත්ෂයට පත්වීමයි
 
පසුගිය කාලය තුළ ද මෙම ඇල්ලේ දිය නෑමට ගිය පුද්ගලයින් 6 දෙනෙකු පමණ ද ජීවිතක්ෂයට පත්ව ඇති අතර මෙම සිද්ධි සැලකිල්ලට ගෙන වැල්ලවාය පරිසර කමිටුව විසින් මෙම තීරණය ගෙන ඇත
 
කෙසේ වෙතත් ආරක්ෂක වැඩපිළිවෙළක් සකස් කිරීමෙන් පසුව නැවත සංචාරකයන් සඳහා ඇල්ල විවෘත කරන බව වැල්ලවාය ප්‍රාදේශිය ලේකම් චන්දන රත්නායක මහතා සඳහන් කරයි

නව අදහස දක්වන්න