රුසියානු හා ශ්‍රී ලංකා හමුදා අතර ද්විපාර්ශවික සාකච්ඡා | දිනමිණ

රුසියානු හා ශ්‍රී ලංකා හමුදා අතර ද්විපාර්ශවික සාකච්ඡා

රුසියාවේ නිළ සංචාරයක නිරත වී සිටින ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, රුසියානු භූමි මෙහෙයුම් හමුදා ප්‍රධානී ජෙනරාල් ඔලෙග් සැලියුකෝව් (General Oleg Salyukov) සමග දෙරට අතර පවතින හමුදා සහයෝගීතාවයේ බැඳීම් නව මඟකට ගෙන ඒම සහ යාන්ත්‍රික හා තාක්‍ෂණික අවශ්‍යතා පිළිබඳ මෙන්ම අන්‍යෝන්‍ය අවශ්‍යතා පිළිබඳ පුළුල් ලෙස සාකච්ඡා කරන ඇත
 
එහිදී දෙරටේ හමුදා ප්‍රධානීන් අතර පැවති සාකච්ඡාව අතරතුර, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් ශතවර්ෂ ගණනාවක් පුරා දෙරටේ ඓතිහාසික මූලයන් පිළිබඳව සහ රුසියානු රජය ශ්‍රී ලංකාවේ පැවැති මානූෂීය මෙහෙයුම් කාලසීමාව තුළ ලබාදුන් තාක්ෂණික හා යාන්ත්‍රික සහයෝගිතාවය වෙනුවෙන් සිය කෘතඥතාවය පල කිරීම සිදුවිය
 
තව දුරටත් ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ පුහුණු වැඩසටහන් ප්‍රවර්ධනය කිරීම, ඒකාබද්ධ යුද අභ්‍යාස පැවැත්වීම සහ යාන්ත්‍රික, ඉංජිනේරු හා තාක්‍ෂණික දැනුම හුවමාරු කරගැනීම ඇතුළු ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු රැසක් පිළිබඳ සාකච්ඡාවට භාජනය කරන ලදී.
 
එම සාකච්ඡාවෙන් අනතුරුව රුසියානු භූමි මෙහෙයුම් හමුදා ප්‍රධානී ජෙනරාල් ඔලෙග් සැලියුකෝව් (General Oleg Salyukov) විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත විශේෂ සමරු තිළිණයක් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ද රුසියානු හමුදා ප්‍රධානි වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.
 
මෙම සංචාරය අතරතුර ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මොස්කව් නුවර පිහිටි උසස් ඒකාබද්ධ යුද අණදෙන පාසල (Higher Combined Arms Command School) වෙත සංචාරය කරන ලදී.
 

නව අදහස දක්වන්න