මුල්ලේරියාවේ වෙඩික්කරු ගැන ඔත්තුවකට රු ලක්ෂ 25ක් | දිනමිණ

මුල්ලේරියාවේ වෙඩික්කරු ගැන ඔත්තුවකට රු ලක්ෂ 25ක්

ශාෂිංක විදුසර

මුල්ලේරියාව මීගහවත්ත ප්‍රදේශයේ දී ඊයේ (26) වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් හඳුනාගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලා තිබේ.

සැකකරුවන් සිදුකළ එම වෙඩි තැබීමේදී පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලැබීය. සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය කරගෙන පැමිණ ඇති සැකකරුවන් නිවස තුළටම ගොස් වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබුණි.

පොන්නම්පෙරුම ආරච්චිගේ දොන් ධනුෂ් බුද්ධික නොහොත් ජිලේ නැමැති පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු අවශ්‍ය කරන බව පොලිස් මූලස්ථානය කියයි. අත් දෙකේම උරහිසේ සිට වැලමිට දක්වා පච්ච කොටා ඇති බවත් අංගොඩ, හිඹුටාන, මුල්ලේරියාව, වැලිගම, මිදිගම, හික්කඩුව, ගාල්ල ප්‍රදේශ වල මොහු නිරතුරුව ගැවසෙන බවත් පොලිසිය කියයි. 

අංක 42 /2, බාරොන් තිලකානන්ද මාවත, මුල්ලේරියාව නව නගරය
විවාහක බිරිඳගෙ ලිපිනය ලෙස අංක 333 සි රොබට් ගුණවර්ධන මාවත මාලබේ
අංක 252, උඩුමුල්ල මුල්ලේරියාව ඔහු ගේ ලිපිනයන්ය. 

මෙම පුද්ගලයා ගැන තොරතුරක් වෙතොත් කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ දුරකථන අංක 0718591727 සහ 0777370360 ,බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ 0718592279 දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස පොලිස් මූලස්ථානය වැඩිදුරටත් දන්වා සිටියි

පොලීසිය සඳහන් කරන්නේ සැකකරුවන් සම්බන්ධයෙන් සාර්ථක තොරතුරක් ලබාදෙන්නෙකුට රුපියල් ලක්ෂ 25ක ත්‍යාග මුදලක් ලබාදෙන බවය.

 

 

නව අදහස දක්වන්න