නවලෝක රෝහල් සමූහයෙන් ආනන්ද විදුහල් ආදි සිසුන්ට සෞඛ්‍ය ආරක්ෂණ විසඳුම් | දිනමිණ

නවලෝක රෝහල් සමූහයෙන් ආනන්ද විදුහල් ආදි සිසුන්ට සෞඛ්‍ය ආරක්ෂණ විසඳුම්

ශ්‍රී ලංකාවේ පුරෝගාමි පෞද්ගලික රෝහල් සේවා සන්නාමය වන නවලෝක රෝහල් සමූහය, ශ්‍රී ලංකාවේ ප්‍රධාන පාසලක් වන කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයන්ට සහ අධ්‍යයන සාමාජික සාමාජිකාවන්ට නවලෝක රෝහල් සමූහයේ සුවිශේෂී සහ උසස් තත්ත්වයේ බහු විධ සෞඛ්‍ය සේවා පහසුකම් වෙත ප්‍රවේශ වීම සඳහා සුවිශේෂි ආයතනික සෞඛ්‍ය ආරක්ෂණ විසඳුමක් හඳුන්වා දෙන ලදි.

පසුගියදා (14) සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පනවා ඇති දැඩි සෞඛ්‍ය නීතිරීතිවලට අනුගතව කොළඹ නවලෝක රෝහල් පරිශ්‍රයේ දී මේ යෝජනා ක්‍රමය, දෙපාර්ශ්වයේම නියෝජිතයන් ඉදිරියේ නිල වශයෙන් ක්‍රියාත්මක කරනු ලැබීය.

”අන්තර්ජාතික මට්ටමේ සෞඛ්‍ය පහසුකම් සහිතව සහ පළපුරුදු, ඉහළ කුසලතාවකින් යුත් වෛද්‍ය උපදේශකවරුන් සහ කාර්ය මණ්ඩලයක් සහිත නවලෝක රෝහල් සමූහය විසින් ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගම් සාමාජිකයන් සහ අධ්‍යයන සාමාජිකයන් සාදරයෙන් පිළිගන්නවා. අපගේ අනාගතය භාර ගැනීමට සිටින දරුවන් යහමඟට ගෙන ශක්තිමත්, කාර්යක්ෂම තරුණ පරපුරක් බිහි කිරීමට ශ්‍රී ලංකාව පුරා සිටින ගුරු භවතුන් සහ අධ්‍යයන කාර්ය මණඩලය වෙහෙසී වැඩ කරන බැවින් ඔවුන්ව සවිබල ගන්වමින් අවශ්‍ය සෞඛ්‍ය සේවාවන් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට අවස්ථාව උදා කර දීම අත්‍යවශ්‍ය කරුණක්. ප්‍රමුඛ පෙළේ සෞඛ්‍ය සේවා සපයන්නකු වශයෙන් නවලෝක රෝහල් සමූහයේ සේවා ගැනීමට ආනන්ද විද්‍යාලය විසින් කරන ලද මේ ඉල්ලීම අපගේ රෝහල් සමූහයේ නොමැකෙන කීර්ති නාමය සහ සමාජයේ සෑම ක්ෂේත්‍රයකම සිටින මිනිසුන්ගේ ශීඝ‍්‍රයෙන් වර්ධනය වන අවශ්‍යතා සපුරාලීමට ඇති අපගේ හැකියාව පිළිබඳ පැහැදිලි සාක්ෂියක්.” යනුවෙන් නවලෝක රෝහල් සභාපති ජයන්ත ධර්මදාස මහතා පැවසුවේය.

නව අදහස දක්වන්න