දේශීය විනෝදාස්වාද සන්නාමය Evoke International 13 වැනි වසර සමරයි | දිනමිණ

දේශීය විනෝදාස්වාද සන්නාමය Evoke International 13 වැනි වසර සමරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විනෝදාස්වාද සේවා සන්නාමයක් වන Evoke International සමාගම පසුගියදා සිය 13 වැනි සංවත්සරය සැමරීය. Evoke International යනු මූලික වශයෙන් දුරකතන සේවා සමාගම්වලට අගය එකතු කළ සේවාවන් සපයන සමාගමක් වන අතර, ඊට අමතරව තවත් සේවාවන් රාශියක් (ජංගම දුරකතන හා අන්තර්ජාල යෙදුම්, WAP සේවාවන්, IVR සහ Voice සේවාවන්, SMSC, තොරතුරු එක්රැස් කිරීම, අන්තර්ගතයන් නිර්මාණය කිරීම සහ සිජිටල් මාධ්‍ය) හඳුන්වා දී ඇත.

මෑතකදී විශේෂයෙන්ම විදේශ රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට සිංහල චිත්‍රපට, ටෙලිනාට්‍ය හා ගීත රසවිඳීමට අවස්ථාව සලසා දීම සඳහා විශේෂ සේවාවක් දියත් කිරීමටද Evoke International කටයුතු කළේය. සුප්‍රකට සංරක්ෂකවරයකු වූ තිස්ස නාගොඩවිතාන මහතා සතුව පැවති චිත්‍රපට සහ ටෙලිනාට්‍ය එකතුව සම්බන්ධ ජංගම හිමිකම් මේ වනවිට Evoke International සතු වන අතර, 50 දශකයේ සිට මේ දක්වා නිර්මාණය වූ චිත්‍රපට හා ටෙලිනාට්‍ය රාශියක් එම එකතුවට ඇතුළත් වී තිබේ.

ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකතන ජාලය වන SLT-MOBITEL සිය ස්ථාවර දුරකතන සඳහා දෙන Caller Tune සේවාව සඳහා අන්තර්ගතයන් සැපයීම කරනු ලබන්නේද Evoke International විසිනි. මීට අමතරව එම සමාගම මෙරට ජංගම දුරකතන සේවා සම්පාදක සමාගම් 4 සඳහා අගය එකතු කළ සේවාවන් සහ අන්තර්ගතයන් සැපයීම කරයි. 2013 වසරේ සිට ඉන්දියාවේ විශාලතම විනෝදාස්වාද සේවා සමාගමක් වන Hungama සඳහා ශ්‍රී ලාංකික හවුල්කරු ලෙස කටයුතු කරනුයේද Evoke International සමාගමයි. මේ හවුල්කාරීත්වය නිසා ශ්‍රී ලාංකිකයන්ට ඉංග්‍රීසි, හින්දි, දෙමළ සහ තෙළිඟු චිත්‍රපට 5,000 කට අධික සංඛ්‍යාවක් නැරැඹීමේ අවස්ථාව හිමි වී තිබේ.

නව අදහස දක්වන්න