Huawei නව නිපැයුම් රැසක් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි | දිනමිණ

Huawei නව නිපැයුම් රැසක් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

ලොව ප්‍රමුඛ තාක්ෂණික උපාංග නිෂ්පාදකයකු වන Huawei පසුගියදා පැවති නිල නිෂ්පාදන හඳුන්වා දීමේ වැඩසටහනකදී දේශීය වෙළෙඳපොළ වෙත තාක්ෂණික උපාංග පහක් හඳුන්වා දෙන ලදි. මේ සුවිශේෂි උපාංග වන්නේ, Huawei Matebook X Pro 2021, Huawei Mate Pad 11, Huawei Watch 3, Huawei Freebuds 4 සහ Huawei Mate View මොනිටරයයි.

මේ අවස්ථාව සඳහා Huawei ශ්‍රී ලංකාහි කළමනාකාරීත්වය සහ ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය තාරකාවක් වන Chanux Bro එක්ව සිටි අතර, ඔහු විසින් නව නිෂ්පාදන පිළිබඳ සවිස්තරාත්මක හඳුන්වා දීමක් කරන ලදි. මෙහිදී වැඩසටහන නැරැඹීම සඳහා එක්වූ පිරිස වෙත, ත්‍යාග දීමේ අංගයක්ද සංවිධාන කර තිබූ අතර, මෙහිදී Huawei විසින් අසන ලද ප්‍රශ්නයක් සඳහා නිවැරැදි පිළිතුරු දුන් 14 දෙනකු සඳහා වටිනා Huawei උපාංග දිනා ගැනීමේ අවස්ථාව හිමි විය. දේශීය පාරිභෝගිකයන්ගේ විවිධ අවශ්‍යතා වෙනුවෙන් හඳුන්වා දුන් නවතම නිෂ්පාදන සඳහා දැඩි වෙළෙඳපොළ ඉල්ලුමක් නිර්මාණය වන බව පෙනී යන්නේ, එම උපාංග තුළ වූ ඉහළ මට්ටටමේ විශේෂාංග හේතුවෙන්ය.

පරිශීලකයාට ඉහළ කාර්යක්ෂමතාවකින් සිය එදිනෙදා කාර්යයන් ඉටු කර ගැනීමට අවශ්‍ය සුවිශේෂි තාක්ෂණික විශේෂාංග රැසකින් සමන්විත Huawei MateBook X Pro 2021, මනරම් නිමාවක් සමඟින් අද්විතීය කාර්යසාධනයක් එක්කොට නිර්මාණය කර ඇත. MateBook X Proහි ප්‍රධාන විශේෂාංග අතර, ආකර්ෂණීය අඟල් 13.9 ක FullView display සහ දිගුකාලීන බැටරි ධාරිතාව, පුළුල් නැරැඹුම් අත්දැකීමක් දෙන 3K high-definition ඡායාරූප ගුණාත්මකභාවය ප්‍රධාන වේ. කාර්යසාධනය (performance) පිළිබඳ සැලකීමේදී, මෙහි අන්තර්ගත 11th Gen Intel® Core™ ප්‍රොසෙසරය සහ 16GB LPDDR4x මතක ධාරිතාව ඉතා සුවිශේෂි වන්නේ එමඟින් දෙන ඉහළ කාර්යක්ෂමතාව මූලික කර ගෙනයි.

වර්තමානයේ බොහෝ දෙනකු ප්‍රිය කරන තාක්ෂණික විශේෂාංග හා ඉහළ කාර්යසාධනයක් එක් කරමින් නිපදවා ඇති Huawei MatePad 11 ටැබ්ලට් පරිගණකය එහි වූ අසමසම විශේෂාංග හේතුවෙන් ඉහළ පාරිභෝගික ආකර්ෂණයක් දිනාගනු ඇති බව නොඅනුමානයි. ඩෙක්ස්ටොප් පරිගණකයක අත්දැකීම් වර්ධනය කරමින්, ටච් ස්ක්‍රීන් පාලනය සහ වැඩි දියුණු කළ Huawei M-Pencil අන්තර්ගත කරමින් නිෂ්පාදනය කර ඇති Huawei MatePad 11, පරිශීලක කාර්යන් පහසු සහ කාර්යක්ෂම කරනු ඇත. Huawei MatePad 11හි පරිශීලකයාට පහසුවෙන් අල්ලාගැනීමට පහසු සියුම් දාර, 120Hzක Full View ඩිස්ප්ලේ පරිශීලක නැරැඹුම් අත්දැකීම් වඩාත් පැහැදිළි සහ උසස් කරනු ඇත.

නව අදහස දක්වන්න