යුරෝපා කලාපයේ කොවිඩ් යළි ඉහළට | දිනමිණ

යුරෝපා කලාපයේ කොවිඩ් යළි ඉහළට

ඉකුත් සතියේ කොවිඩ් මරණ වාර්තා වූ ලොව එකම කලාපය බවට යුරෝපය පත්ව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරයි. එම කලාපයේ කොරෝනා වෛරසයෙන් මිය ගිය සංඛ්‍යාව ඉකුත් සතියේ සියයට 05කින් ඉහළ ගොස් ඇත. 
 
ගෝලීය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව සියයට 06කින් ඉහළ ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ. 
 
යුරෝපා කලාපය හැර ලොව අනෙකුත් කලාපවලින් වාර්තා වූ කොරෝනා මරණ ඉකුත් සතියේ යම් පහළ යාමක් දක්නට ලැබුනු බවද සදහන්වේ. 
 
එම කාලසීමාව තුළ ගෝලීය වශයෙන් වාර්තා වූ නව ආසාදිතයින් මිලියන 3.3න්, මිලියන 2.1ක්ම යුරෝපා කලාපයෙන් හඳුනාගැනුණු බව එම වාර්තාවෙන් වැඩිදුරටත් පෙන්වා දෙයි. 

නව අදහස දක්වන්න