මරාගෙන මැරෙන බෝම්බයෙන් සෝමාලි මාධ්‍යවේදියා මරුට | දිනමිණ

මරාගෙන මැරෙන බෝම්බයෙන් සෝමාලි මාධ්‍යවේදියා මරුට

සෝමාලියාවේ අල්ෂබාබ් ඉස්ලාම් ත්‍රස්ත කල්ලියේ ප්‍රබලතම විවේචකයා වන මාධ්‍යවේදි අබ්දියාසිස් මොහමුද් ගුල්ඩ් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්ව තිබේ. අවන්හලක සිට පිටතට

පැමිණෙමින් සිටියදී ඔහු ඉලක්කකර ගෙන මේ බෝම්බය පුපුරුවා හැර ඇත. මොගඩිෂු ගුවන් විදුලියේ සේවය කළ ඔහුගේ ඝාතනයේ වගකීම අල් ෂබාබ් සංවිධානය භාරගෙන තිබේ. බෝම්බය පිපිරී ගිය අවස්ථාවේ අසල සිටි

තවත් දෙදෙනකු ද තුවාල ලබා ඇති අතර, ඔවුන් වහාම රෝහල්ගත කර ඇත. අබ්දියාසිස් ඝාතනයට ලක් වූයේ සෝමාලියාවේ ජාතික රූපවාහිනියේ අධ්‍යක්ෂවරයා සහ රිය­ැදුරු සමඟ ගමන් කරමින් සිටියදීය.

නව අදහස දක්වන්න