අත්අඩංගුවට ගත්තේ ආවා කණ්ඩායමේ නායකයා නොවෙයි | දිනමිණ

අත්අඩංගුවට ගත්තේ ආවා කණ්ඩායමේ නායකයා නොවෙයි

පොලිස් අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටින වරුන් සිද්ධාර්ථන් නමැත්තා උතුරේ ක්‍රියාත්මක ‘ආවා කල්ලිය⁣’ සමඟ කිසිදු සම්බන්ධයක් නැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා 'දිනමිණ' ට ඊයේ (22) පැවැසීය.

මොහු ආවා කල්ලිය මෙහෙයවන නායකයා බවට පළ වන මාධ්‍ය වාර්තා අසත්‍ය බවත් මේ දක්වා සිදු කර ඇති විමර්ශනයන්ගෙන් මොහු සහ එම කල්ලිය අතර සම්බන්ධයක් පවතින බවට කරුණු වාර්තා වී නොමැති බවත් හෙතෙම කීය.

මීට දින කිහිපයකට පෙර මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ නඩත්තු නඩුවකට අදාළව ගෙවීම් පැහැර හැර සිටීමක් සම්බන්ධයෙන් බවත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප කොන්දේසී සම්පූර්ණ කිරීම හේතුවෙන් මොහු මුදාහැර ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

රුවන්ත නිතුල්ගස්පිටිය

නව අදහස දක්වන්න