ISO 9001 - ISO 14001 තත්ත්ව සහතිකවලින් Eco Tablets පිදුම් ලබයි | දිනමිණ

ISO 9001 - ISO 14001 තත්ත්ව සහතිකවලින් Eco Tablets පිදුම් ලබයි

Ceylon Green Produce (Pvt) Ltd ආයතනය මෙරටට ගෙන්වා බෙදා හරින ECO Tablets, ISO 9001 සහ ISO 14001 යන තත්ත්ව සහතික දෙකෙන්ම පිදුම් ලබා ඇත. මේ ISO තත්ත්ව සහතික ECO Tablets සඳහා ලබා දී ඇත්තේ පරිසර හිතකාමි නිෂ්පාදනයක් නිසාමය. ලෝකයේ පරිසරයට විශාල වශයෙන් හානි වෙන මේ කාලයේදී පරිසරය සුරකිමින්ම වාහනයේ කාර්යක්ෂමතාව වැඩි කරන Eco Tablets අද ලෝකයට අත්‍යවශ්‍ය අංගයක් වී ඇත. ECO Tablets ශ්‍රී ලංකා මධ්‍යම පරිසර අධිකාරියෙන්ද සහතික කර ඇති අතර, එය CSR සඳහාද (සමාජීය වගකීමක් ලෙස) අවසර දී ඇත්තේ වාහනවලින් පරිසරයට පිට කරන විෂ වායු අවම කර පරිසරය සුරැකීමට දායක වන නිසාය.

ඔබ භාවිත කරන වාහනයේ නිෂ්පාදකයා තහවුරු කර ඇති ආකාරයට ප්‍රතිඵල නොලැබී යෑම බොහෝ දෙනාට තිබෙන ප්‍රශ්නයකි. ලීටරයකට ධාවනය වන කිලෝ මීටර් ගණන අඩු වීම, එන්ජිමේ ආයු කාලය හරි අඩක්වත් නොපැවතීම, තහවුරු කර ඇති තත්පර ගණනට පැයට කිලෝ මීටර් 100ට පිකප් නොවීම වැනි අත්දැකීම්වලට බොහෝ දෙනා මුහුණ දෙති. වාහනය කුමන රටක නිෂ්පාදනයක් වුණත්, ඔවුන් එය නිෂ්පාදනය කරන්නේ ඉතා හොඳ තත්ත්වයේ ඩීසල් හෝ පෙට්‍රල් වාහනයට යෙදිය යුතු ආකාරයටය. විවිධ රටවල ඩීසල්වල හා පෙට්‍රල්වල ප්‍රමිතිය විවිධය. නිෂ්පාදනය කරන රටේ තිබෙන ඉන්ධනවල ප්‍රමිතියම ධාවනය කරන රටවලද ඇතැයි සිතා වාහන නිෂ්පාදනය කරයි. ශ්‍රී ලංකාවේ භාවිත වන පෙට්‍රල්වල සහ ඩීසල්වල ප්‍රමිතිය ඉහළට ගැනීමට Fuel Booster එකක් ලෙස Eco Tablets යොදා ගත හැකිය. Eco Tablets නැනෝ තාක්ෂණය උපයෝගි කර ගෙන, ස්වභාවික අමුද්‍රව්‍ය යොදා නිෂ්පාදනය කරයි. සුපිරි ඉන්ධන වෙනුවට Eco Tablet යොදා සාමාන්‍ය ඉන්ධන භාවිත කළ හැකිය. ඉන්ධන කාර්යක්ෂමතාව ඉහළ නැංවීම ඇතුළු ප්‍රතිලාභ රැසක් ලබා දෙන Eco Tablets ප්‍රවීණ මෝටර් රථ ඉංජිනේරුවන් රැසක් අගය කරන දශකයකට වැඩි ඉතිහාසයක් සහිත ලොව දිනූ නිෂ්පාදනයකි.

නව අදහස දක්වන්න