අලුත උපන් බිලිඳිය නිවෙස පිටුපස පණපිටින් වළ දමලා | දිනමිණ

අලුත උපන් බිලිඳිය නිවෙස පිටුපස පණපිටින් වළ දමලා

මව අත්අඩංගුවට

බිලිඳිය දැඩිසත්කාරයේ

චාවකච්චේරිය ප්‍රදේශයේ පදිංචි මවක තම නිවෙසේදී ප්‍රසූත කළ බිලිඳිය නිවෙස පිටුපස පණපිටින් වළලා දැමූ ශෝකජනක පුවතක් ‘දිනමිණ‘ට වාර්තා වෙයි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් එම අවස්ථාවේදීම අදාළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා විසින් පොලිසියට පැමිණිලි කිරීම නිසා වළදමා සිටි සිඟිත්තිය බේරා ගැනීමටද සමත් වී තිබේ.

චාවකච්චේරි පොලිස් වසමේ මට්ටුවිල් උතුර ප්‍රදේශයේ පෙරේදා (23) මේ සිද්ධිය සිදුව ඇති අතර, අදාළ මව පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

බිලිඳිය යාපනය රෝහලට ඇතුළත් කර මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. දැරියගේ මවද චාවකච්චේරි රෝහලේ ප්‍රතිකාර ගිනිමින් පසුවේ. සිද්ධිය සම්බන්ධයෙන් චාවකච්චේරි පොලිසිය වැඩි දුර විමර්ශන කරයි.

රක්ෂණ ශ්‍රියන්ත

නව අදහස දක්වන්න