මහේෂ් ජයකොඩි සහ සමිතා සමන්මලී ගෘහස්ථ ඔරු පැදීමේ ශූරතා දිනති | දිනමිණ

මහේෂ් ජයකොඩි සහ සමිතා සමන්මලී ගෘහස්ථ ඔරු පැදීමේ ශූරතා දිනති

ජාතික පැරාලිම්පික් කමිටුවට අනුබද්ධිත ශ්‍රී ලංකා පැරා ඔරු පැදීමේ සංගමය පළමුවරට සංවිධාන කළ ගෘහස්ත ඔරු පැදීමේ තරගාවලියේ ප්‍රධාන තරග ඉසව්ව වන පීආර් 1 කාණ්ඩයේ ශූරතා දිනා ගැනීමට ආසියා පැරා ඔරු පැදීමේ පදක්කම්ලාභීන් වන මහේෂ් ජයකොඩි සහ වෛද්‍ය සමිතා සමන්මලී සමත් වූහ. අත් සහ උරහිස් පමණක් භාවිත කරමින් තරග වදින පීආර් 1 කාණ්ඩය, අත්, උරහිස් සහ කඳ පමණක් භාවිත කරමින් තරග වදින පීආර් 2 කාණ්ඩය සහ අත්, උරහිස්, කඳ සහ පාද භාවිත කරමින් තරග වදින පීආර් 3 කාණ්ඩය මේ තරගාවලියට ඇතුළත් විය.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 70කට ආසන්න සංඛ්‍යාවක් සහභාගි වූ මේ තරගාවලියේ පීආර් 2 කාණ්ඩයේ පිරිමි ශූරතාව කේපීඅයි දමිත් දිනා ගත් අතර, කාන්තා ශූරතාව ඉමල්ෂා චංචලීට හිමි විය. සම කාලයක් වාර්තා කරමින් පීආර් 3 කාණ්ඩයේ පිරිමි ශූරතාව දිනා ගැනීමට එන්පීඒ.නිශ්ශංක සහ ඒඑම්පීකේ අත්තනායක සමත් වූ අතර, නිලූකා දමයන්ති කාන්තා ශූරතාව දිනා ගත්තාය.

ඔරු පැදීමේ අභිනයට සමානව ක්‍රියා කරන යන්ත්‍ර භාවිත කරමින් අන්තර්ජාතික මට්ටමේ ගෘහස්ත ඔරු පැදීමේ තරගාවලියක් මෙරට සංවිධාන කළ පළමු අවස්ථාව මෙය වූ අතර, ජාතික පැරාලිම්පික් කමිටුවේ සභාපති ලුතිනන් කර්නල් හේරත්, හිටපු සභාපති මේජර් ජනරාල් රාජිත අම්පෙමොහොට්ටි සහ ලේකම් බ්‍රි ගේඩියර් බන්දුල බණ්ඩාර මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් තරගාවලිය පැවැත්විණි.

ෆවුස් මොහොමඩ්

නව අදහස දක්වන්න