බස්නාහිර ඇතුළු පළාත් 06 කට තද වැසි | දිනමිණ

බස්නාහිර ඇතුළු පළාත් 06 කට තද වැසි

පළාත් 06 කට අද(25) මිලමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
 
ඒ අනුව බස්නාහිර, උතුර, උතුරුමැද, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වල එලෙස තද වැසි ඇතිවිය හැකිය. දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
 
දිවයින පුරා අහස වළාකුලින් බරව පවතින බවත්, බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

නව අදහස දක්වන්න