දේශීය හා ගෝලීය පාරිසරික අභියෝග ජය ගැනීමට කැපවිය යුතුයි - පරිසර අමාත්‍ය | දිනමිණ

දේශීය හා ගෝලීය පාරිසරික අභියෝග ජය ගැනීමට කැපවිය යුතුයි - පරිසර අමාත්‍ය

දේශීය හා ගෝලීය පාරිසරික අභියෝග රාශියකට අප  මුහුණ දී සිටින අතර අප කැප විය යුත්තේ  මෙම අභියෝග ජය ගැනීමට බව පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.
 
දේශගුණික විපර්යාස මුළු ලෝකයම ග්‍රහණය කර ඇති බරපතල පාරිසරික ගැටලුවක් වන අතර   අද එහි බලපෑම පිළිබඳව ලොව පුරා ශාස්ත්‍රීය කතිකාවතක් පවතින බවද ඇමැතිවරයා කියයි.
 
ඇමැතිවරයා මෙම අදහස් පළ කළේ ඊයේ  (24) මධ්‍යම  පරිසර අධිකාරියට වසර 40ක් පිරීම නිමිත්තෙන් එම අධිකාරිය විසින් සංවිධානය කර තිබූ International Conference on Environmental Governance- ICEG- 21 සම්මන්ත්‍රණයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී එය  පැවැත්විණි. 
 
මෙහි සම්භාවනීය ආරාධිතයකු  වශයෙන් ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනි Tanja Gonggrijp මහත්මිය ද එක්වූවාය.
 
එහිදී ඇමැතිවරයා මෙසේද කීය.
 
"මධ්‍යම පරිසර අධිකාරිය ආරම්භයේදී දේශීය හා ගෝලීය වශයෙන් පැවති තත්ත්වය අද තරම් සංකීර්ණ නැහැ.  අද සෑම ක්ෂේත්‍රයකදී ම අපි මුහුණ දෙන්නේ සංකීර්ණ අභියෝගවලටයි. මේ වනවිට අපි දේශීය හා ගෝලීය පාරිසරික අභියෝග රාශියකට මුහුණ දී සිටිනවා. අපගේ කැපවීම විය යුත්තේ  මෙම අභියෝග ජය ගැනීමයි. දේශගුණික විපර්ය මුළු ලෝකයම ග්‍රහණය කර ඇති බරපතල පාරිසරික ගැටලුවක්.  අද එහි බලපෑම පිළිබඳව ලොව පුරා ශාස්ත්‍රීය කතිකාවතක් පවතිනවා. . ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ හි පසුගියදා පැවති දේශගුණික විපර්යාස සම්මන්ත්‍රණ සමුළුවට සහභාගී වූවන්, දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා වැඩි දියුණු කළ කැපවීම් කිරීමට ලෝක නායකයින් එකඟ වූ බව,  ජනාධිපතිතුමා, මමත්, පරිසර අමාත්‍යංශයේ ලේකම්තුමාත් දැනුවත් කළා. , විශේෂයෙන්ම, ගෝලීය උණුසුම. පරිසර සංරක්ෂණය සහ තිරසාර සංවර්ධනය සාක්ෂාත් කර ගැනීම සඳහා සාකච්ඡා අතරතුර ප්‍රමුඛත්වය ලබා දුන්නා.
ශ්‍රී ලංකාව දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රායෝගිකව අනුගමනය කරන පශ්චාත් ආපදා කාලපරිච්ඡේදය තුළ වන්දි පිරිනැමීම සහ බෝග සංරක්ෂණ ක්‍රියා පටිපාටි ආපදා ප්‍රතිසාධන ක්‍රියාවලියේ වැදගත් අංග බව කිව යුතුයි. 
 
පරිසරය සුරැකීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කරන ලද තවත් ක්‍රියාමාර්ග රැසක් ඇගයීමට ලක් වුණා. ඒ හා සමානව, අපගේ අනාගත වැඩපිළිවෙල හැඩගැස්වීමේදී මෙවැනි ආකාරයේ ප්‍රතිපත්ති සාකච්ඡා සහ සම්මන්ත්‍රණ ඉතා වැදගත් වේ.“සෞභාග්‍යයේ සහ තේජස පිළිබඳ දැක්ම” නම් වූ රජයේ ප්‍රතිපත්ති රාමුව  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් පරිසර සංරක්ෂණයට අභිමානයක් ලබාදෙමින් ක්‍රියාවට නංවා ඇති බව මා සිහිපත් කළ යුතුයි. තිරසාර සමාජ ආර්ථික පදනම, මිනිසුන්ට ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීමට හැකියාව ලබා දීම බව කිවයුතුයි. "
 
පරිසර අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය  අනිල් ජාසිංහ මහතා 
 
"වර්තමානයේ දී මිහිමව සිටින්නේ බරපතල තත්ත්වයක.  ඇය සිටින්නේ සාමාන්‍ය  වාට්ටුවක නොවෙයි අධි සත්කාරක ඒකකයක. එමනිසා ඇයව රැක ගැනීම ධනවාදී සමාජවාදී හැම රටකම වගකීමක් .වර්තමානයේ මිහිමව ලෝක ප්‍රජාවගේ ක්‍රියාකාරකම් නිසා සිටින්නේ බරපතල තත්ත්වයක. ඇය රෝහල් ගත කර තිබෙනවා. නමුත් මිහිමව ප්‍රතිකාර ලබන්නේ සාමාන්‍ය වාට්ටුවක නොවෙයි. අධි සත්කාර ඒකකයක. ඇයව රැකුණොත් පමණයි අපේ ජීවිත රැකෙන්නේ. එමනිසා ඇය රැක ගැනීම වර්තමාන සමාජවාදී හා ධනවාදී හැම ආර්ථිකයකම වගකීමක් .
මධ්‍යම පරිසර අධිකාරියට වසර 40ක් සපිරීම නිමිත්තෙන් පවත්වනු ලබන මෙම අන්තර්ජාතික සම්මන්ත්‍රණයට පළමුව මම සුබ පතනවා. මධ්‍යම පරිසර අධිකාරිය පිහිටුවීමේ දී අරමුණු රැසක් සඳහා එම අධිකාරිය පිහිටුවනු ලැබුවා.   විශේෂයෙන් සංවර්ධන ක්‍රි යාදාමයේ දී පරිසරය ආරක්ෂා කර ගනිමින් එම කටයුතු සිදු කිරීම සම්බන්ධව මෙම ආයතනයට විශාල වගකීමක් පැවරී තිබෙනවා. 
Environmental Governance නැතහොත් පාරිසරික පාලනය යන සංකල්පය සම්බන්ධව අවධානය යොමු කරන විට අපරිම පාරිසරික ආරක්ෂණය හා සංරක්ෂණ යේදී බලපාන සාමාජයීය, ආර්ථික හා දේශපාලනමය වැදගත්කම එම සංකල්පය තුළ අන්තර් ගත වෙනවා. මෙහිදී රජය, ව්‍යාපාරික ප්‍රජාව මෙන්ම සිවිල් සමාජය විසින් සිදු කරන බලපෑම කෙරෙහි අපි සිතා බැලිය යුතුයි. 
.
 මිහිමව ප්‍රතිකාර ලබන්නේ අධි සත්කාර එකකයක .ඔබ දන්නවා අධි සත්කාර ඒකකයක ප්‍රතිකාර ලබා දෙන ස්වාභාවය. ඔබ එවැනි ඒකකයක ප්‍ර තිකාර ලබා ගෙන ඇත්නම් ඔබ දැක ඇති ඔබේ ඇද වටේ විවිධ නවීන වෛද්‍ය උපකරණ සවි කර තිබෙනවා. ඒ වගේම සිරුරට අභ්‍යන්තර හා බාහිරව විවිධ උපකරණ සවි කර තිබෙන බවත් ඔබ දැක ඇති. අපි ජීවත් වෙන මේ මහපොළව දැන් පසුවන්නේ එවැනි අසාධ්‍ය තත්ත්වයක.
මිහිකත අසාධ්‍යව පසුවන්නේ ඔබත් මමත් ඇතුළු බිලියන 08ක ජනතාවක් සමග බවත් අපි මතක තබා ගත යුතුයි. අපේ ලෝකය ආරම්භය සිටම බැලුවහොත් අවස්ථා කිහිපයක් තිබෙනවා. ධනවාදය බිහිවීම, කාර්මීකරණය, පළමු හා දෙවන ලෝක යුද්ධ මෙන්ම සමාජවාදය බිහිවීම වැනි මෙම සියලුම කාරණා මතුවන්නේ ස්වාභාවික සම්පත් පරිහරණය පිළිබඳ තරගය නිසායි. නමුත් ඒ එකකටවත් වර්තමානයේ අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන මිහි මව ගළවා ගත නොහැකි බව කිව යුතුයි.
ධනවාදය හා සමාජවාදය විසින් බිහි කළ අධි පාරිභෝගිකවාදී සමාජය තුළ සම්පත් විදිමත් පරිදි පරිහරණය වෙනුවට ඒවා කොල්ල කෑමක් සිදුවෙනවා. එම තත්ත්වය නිසා පරිසරයට සිදුව ඇති හානිය බරපතලකම තවමත් අපි හඳුනාගෙන නැහැ. ඒ නිසා මම කියන්නේ අප වෙසෙන මහපොළව දැන් පසුවන්නේ ඉතාමත් අසාධ්යඅ අන්තිම අ වස්ථාවේයි . එමනිසා මිහිමව රැක ගැනීමේ වගකීම අපි  හැමෝටම තිබෙනවා. "
 
 මධ්‍යම පරිසර අධිකාරිය විසින් පරිසරය සඳහා කළ සේවාව වෙනුවෙන් මහාචාර්යවරුන් කිහිප දෙනෙකුට මෙහිදී සම්මාන පිරි නමනු ලැබීය. මෙම අවස්ථාවට මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්. අමරසිංහ, අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ  මහත්වරු ද සහභාගි වූහ. 
 
(බුද්ධිකා ඉඹුලාන)
 

නව අදහස දක්වන්න