මයි‍ලෝ Back to School වැඩසටහනින් දරුවන් පාසලට සාදරයෙන් පිළිගනියි | දිනමිණ

මයි‍ලෝ Back to School වැඩසටහනින් දරුවන් පාසලට සාදරයෙන් පිළිගනියි

පන්ති කාමර පදනම් කර ගත් ඉගෙනුම් ක්‍රියාවලියට යළි සම්බන්ධ වීමට පාසල් ළමුන්ට සහාය වීමේ අරමුණින් විවිධ ක්‍රියාකාරකම් රැසක් සංවිධාන කිරීමට නෙස්ලේ මයිලෝ පසුගියදා පියවර ගත්තේය. ඒ Back to School නම් සිය වැඩසටහන යටතේය. සෞඛ්‍යමත් පරපුරක් ගොඩනැඟීමෙහිලා මයිලෝ සතු අභිලාෂයේ කොටසක් ලෙස ක්‍රියාත්මක ‍වන මේ වැඩසටහන මඟින් සියලු දෙනාගේ සුරක්ෂිතතාව හා යහපත වෙනුවෙන් පාසලේදී සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීමේ වැදගත්කම පිළිබඳ දරුවන්ට අවබෝධයක් ලබා දෙන ලදි.

‘‘පසුගිය වසර කිහිපය අපි හැමදෙනාටම විශේෂයෙන්ම දරුවන්ට අභියෝගකාරි කාලයක් විය. ජන ජීවිතය ක්‍රමානුකූලව සාමාන්‍ය අතට පත් වීමත් සමඟ නැවත පාසලට පැමිණි දරුවන්ට වඩා සුරක්ෂිතව අධ්‍යාපන කටයුතුවල නිරත වීමට අත්වැලක් වීම අපගේ අරමුණයි. සෑමවිටම සෞඛ්‍යමත් සහ ක්‍රියාශීලි ජීවන රටාවක් සඳහා දරුවන් දිරිමත් කිරීමට කැපවී සිටින වෙළෙඳ සන්නාමයක් වශයෙන් නව සාමාන්‍ය තත්ත්වයේ අභියෝග මැද දරුවන් පාසලට නැවත කැඳවීමටත් ඔවුන්ට අධ්‍යාපනය හා ක්‍රීඩා අංශයන්හි ඉදිරියට යෑමටත්, බලධාරීන් ගන්නා වෑයමට සහාය වීමට ලැබීම අපට විශාල ගෞරවයක්‘‘ යනුවෙන් නෙස්ලේ ලංකා සමාගමේ කාණ්ඩ අලෙවි කළමනාකරු මොහොමඩ් අලි මහතා පැවසීය.

පළමු Back to School වැඩසටහන කෙළිමඩල කනිටු විද්‍යාලයේදී පැවැත්විණි. ඒ දරුවන්ගේ මෙන්ම පාසල් කාර්ය මණ්ඩලයේද ආරක්ෂාව සහතික කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමිනි. වැඩසටහන ආරම්භ වූයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සෞඛ්‍යාරක්ෂිතව සිටීම පිළිබඳ දුන් දැනුම්වත් කිරීමේ වැඩසටහනකිනි. මෙහිදී සිය මිතුරන් හා ගුරුවරු සමඟ උපරිම සුරක්ෂිත බවකින් යුතුව කටයුතු කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳ ඔවුන්ට නිසි මඟ පෙන්වීමක් හිමි විය. තවද ඔවුන්ගේ ආරක්ෂාවත් යහපතත් වෙනුවෙන් මුව ආවරණ සහ සැනිටයිසර් ආදිය පිරිනැමීමක්ද සිදු විය. කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම පිළිබඳ දැනුම්වත් කිරීමට සැකසූ අධ්‍යාපනික ද්‍රව්‍යද ඔවුන් අතර බෙදා දෙනු ලැබීය.

ආරක්ෂාකාරීව කටයුතු කිරීමට අවශ්‍ය හොඳ පුරුදු කියාදීමට අමතරව පාසල තුළදී මෙන්ම නිවෙසේදීත් ක්‍රියාශීලීව කටයුතු කිරීමට දරුවන් දිරිමත් කිරීමටද මෙහිදී පියවර ගැනුණි. ඒ අනුව සෞඛ්‍යමත් ජීවිතයක් සඳහා ශාරීරික ක්‍රියාකාරකම්වල වැදගත්කම ඉස්මතු කරමින් ව්‍යායාම පෙරහුරුවක්ද පැවැත්විණි. දරුවන්ට ශක්තිමත්ව සහ ජවසම්පන්නව ඉදිරි පාසල් වර්ෂය ජය ගැනීමට සහායවීම වෙනුවෙන් එම ව්‍යායාම පෙරහුරුව සිදු කරන ලද්දේ පාසලේ ශාරීරික අධ්‍යාපන ගුරුවරුන් විසිනි.

නව අදහස දක්වන්න