එන්නත්කරණයට ලක් වූවන්ට නවසීලන්තයේ දොර ඇරේ | දිනමිණ

එන්නත්කරණයට ලක් වූවන්ට නවසීලන්තයේ දොර ඇරේ

පූර්ණ එන්නත්කරණයට ලක්වූ විදේශිකයන්ට ලබන වසරේදී රට විවෘත කිරීමට නවසීලන්තය සැලසුම් කර ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කළේය. ලබන වසරේ අප්‍රේල් මාසයේ 30 වැනිදා සිට නවසීලන්තයට පැමිණිය හැකි බවත්, ඔවුන් දින 7ක කාලයක් ස්වයං නිරෝධායන කාලසීමාවක් ගත කළ යුතු බවත් නවසීලන්ත රජය නිවේදනය කර ඇත.ලබන වසරේ මුල් භාගයේ සිට එම නීතිය යටතේ නවසීලන්ත ජාතිකයන්ට ද සිය නිවාසවලින් බැහැරව යෑමට අවසර ලැබෙන බව පැවැසේ. එහි පළමු අදියර ලෙස දැනට ඔස්ට්‍රේලියාවේ සිටින නවසීලන්ත පුරවැසියන්ට ලබන වසරේ ජනවාරි මස 16 වැනිදා සිට නැවත සිය මව්බිමට පැමිණිය හැකි බව ද නවසීලන්ත රජය නිවේදනය කර ඇත. සෙසු රටවල සිටින නවසීලන්ත ජාතිකයන්ට එම අවසරය ලැබෙන්නේ ලබන වසරේ පෙබරවාරි මස 13 වැනිදායින් පසුවය.

 

නව අදහස දක්වන්න