මධ්‍යම පළාත් නව ක්‍රීඩා අධ්‍යක්ෂ ස්වර්ණා පෙරේරා | දිනමිණ

මධ්‍යම පළාත් නව ක්‍රීඩා අධ්‍යක්ෂ ස්වර්ණා පෙරේරා

අසේල කුරුළුවංශ

මධ්‍යම පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයට එම්.ඒ.ඩී. ස්වර්ණා පෙරේරා මහත්මිය පත් කර ඇත.

නව තනතුර සඳහා වන පත්වීම් ලිපි ප්‍රදානය මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ආණ්ඩුකාර කාර්යාලයේදී පසුගියදා සිදු කෙරිණි.

ස්වර්ණා පෙරේරා මහතා මෙයට ප්‍රථම මධ්‍යම පළාත් සංස්කෘතික දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කළාය.

පත්වීම් ලිපිය ප්‍රදානය කිරීමේ අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න, පළාත් ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න, මධ්‍යම පළාත් සභාවේ හිටපු නියෝජ්‍ය සභාපති ආණ්ඩුකාර මහජන සම්බන්ධීකරණ නිළධාරී එස්.බී. රත්නායක, පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් උපාලි රණවක යන මහත්වරු සහභාගි වූහ.

නව අදහස දක්වන්න