වැලිගම්වෙහෙර චෛත්‍යයේ චූඩාමාණික්‍යය අතුරුදන් | දිනමිණ

වැලිගම්වෙහෙර චෛත්‍යයේ චූඩාමාණික්‍යය අතුරුදන්

වැල්ලවාය වැලිඅර පුරාණ වැලිගම්වෙහෙර විහාරස්ථානයේ ප්‍රධාන චෛත්‍යයේ පිහිටි මිල කළ නොහැකි චූඩාමාණික්‍යය කිසියම් පිරිසක් විසින් පෙරේදා (23) රාත්‍රියේ දී සොරකම් කරගෙන තිබේ.

ඒ සම්බන්ධයෙන් විහාරාධිපති වැල්ලවාය ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති හා විශ්‍රාමික විදුහල්පති නුගයායේ නන්දසාර ස්වාමින් වහන්සේ විසින් ඊයේ දහවල් වැල්ලවාය පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ද සිදුකර තිබේ.

වැල්ලවාය පොලිස් නිලධාරින් පැමිණ ස්ථානීය නිරීක්ෂණයක් කළ අතර එහි දී මෙම චෛත්‍යය ආසන්නයේ තිබු චූඩාමාණික්‍යය ගැලවීමට හෝ චෛත්‍යයට නැඟීමට යොදාගත් බවට සැලකෙන අඩි 50කට ආසන්න දිගකින් යුත් දෙපැත්ත කියතකින් කපන ලද උණගසක් සොයා ගැනිමට හැකි වු අතර ඒ ආසන්නයේ වැටි තිබි චූඩාමාණික්‍යය චෛත්‍යයට සවිකර තිබු තඹ ආවරණයක්ද සොයා දීමට විහාරාධිපති හිමියන් ඇතුළු දායක සභාව කටයුතු කළහ.

මෙම සිද්ධිය සැලවීමත් සමඟ විහාරස්ථ දායක සභාවේ බොහෝ පිරිසක් විහාරස්ථානයට පැමිණෙමින් සිටි අතර වැල්ලවාය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ටි. එම්. රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබේ.

වැල්ලවාය විශේෂ ජී. අයි. ආර්. ගරුසිංහ 

නව අදහස දක්වන්න