ග්‍රාමීය ප්‍රදේශවල කොරෝනා ව්‍යාප්තිය ඉහළට | දිනමිණ

ග්‍රාමීය ප්‍රදේශවල කොරෝනා ව්‍යාප්තිය ඉහළට

සුභාෂිණී සේනානායක

- වගකීමෙන් වැඩ නොකළොත් නැවතත් රට වහන්න වෙයි
- චාරිකා-උත්සවවලට ගිහින් දරුවන්ගේ පාසල් යෑම යළි අහිමි කරන්න එපා

ග්‍රාමීය ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් කොරෝනා ව්‍යාප්තිය ඉහළ යෑමක් පෙන්නුම් කරන බැවින් ඉතා ආරක්ෂාකාරිව කටයුතු නොකළ හොත් යළි රට වසා දැමීමට සිදු වනු ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා ‘දිනමිණ‘ට ඊයේ (25) පැවසීය.

ඉතා අසීරුතාවෙන් කැප කිරීම් කර පාලනය කළ කොරෝනා රෝගය ජනතාවගේ අනවශ්‍ය ක්‍රියා හේතුවෙන් යළි පැතිරී යෑමක් සිදු වෙමින් පවතින බව ජනතාව විසින්ම තේරුම් ගත යුතුව ඇතැයිද හෙතෙම කීවේය. දරුවන් අධ්‍යාපනයට අවශ්‍යයෙන්ම යොමු විය යුතු නමුත් මේ වනවිට පාසල් දරුවන් අතර ආසාදිතයන් වැඩිවීමක් පෙන්නුම් කරන බවත් ඒ මහතා පැවසීය. ඇතැමුන්ගේ නොසැලකිලිමත්කම, විනෝද ගමන්, උත්සව ආදිය නිසා දරුවන්ට නැවත පාසල් යෑම අහිමි නොකළ යුතු යැයිද හෙතෙම කීවේය.

නව අදහස දක්වන්න