ශ්‍රීලනිපය ආණ්ඩුව සමඟ කිසිම ගැටලුවක් නෑ - අධ්‍යාපන ඇමැති | දිනමිණ

ශ්‍රීලනිපය ආණ්ඩුව සමඟ කිසිම ගැටලුවක් නෑ - අධ්‍යාපන ඇමැති

ස්වර්ණා විජේකෝන්
නුවන් කොඩිකාර
සන්ධ්‍යා කරුණාරත්න

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, ආණ්ඩුවත් අතර කිසිඳු ගැටලුවක් මතුවී නොමැති බව, සභානායක, අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (25) ප්‍රකාශ කළේය.

ජනාධිපති වැය ශීර්ෂය ගැන කතා කිරීම, දේශපාලන වශයෙන් පක්ෂ අතර ප්‍රශ්නයක් ලෙස සැළකීමට තරම් බරපතළ තත්ත්වයක් බවට පත්ව නොමැති බව ද ඇමැතිවරයා කීවේය.

මීට පෙර ජනාධිපති වැය ශීර්ෂ සහ මෙවර ජනාධිපති වැය ශිර්ෂය පිළිබඳ මහින්දානන්ද අලුත්ගමගේ ඇමැතිවරයා කළ ප්‍රකාශයක් පිළිබඳ ශ්‍රීලනිපය දැක්වූ ප්‍රතිචාරයකට පිළිතුරු දෙමින් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා, ඔහුගේ වැය ශිර්ෂ සම්බන්ධයෙන් ආදර්ශයක් ලබා දී ඇති බවත් මන්ත්‍රීවරයෙක් යම් කිසි බරපතළ වැරදි ප්‍රකාශයක් කළහොත් ඊට පිළිතුරු දීමට පෙර ඔහුට සභාවට පැමිණ සිටින ලෙස දැනුම් දීම, සාමාන්‍ය සම්ප්‍රදාය බවත් සභානායකවරයා පෙන්වා දුන්නේය.

නව අදහස දක්වන්න