පාලම් පාරුවේ ඛේදවාචකය: කට්ටිපැන්න කින්නියා නගර සභාපති රිමාන්ඩ් | දිනමිණ

පාලම් පාරුවේ ඛේදවාචකය: කට්ටිපැන්න කින්නියා නගර සභාපති රිමාන්ඩ්

ත්‍රිකුණාමලය කින්නියා, කුරිඤ්ඤංකර්නි කලපුවේ පාලම් පාරුව පෙරළී සිදුවූ ඛේදවාචකයට අදාළව කින්නියා නගර සභාවේ නගර සභාපති එස්. එච්. එම්. නලීම් (එජාප) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 09 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. කින්නියා පොලිසිය සහ වි⁣ශේෂ පොලිස් කණ්ඩායමක් එක්ව කළ වැටලීමකින් ඔහු අත්අඩංගුවට ගත් බව කින්නියා පොලිසියේ ස්ථානාධිපතිවරයා 'දිනමිණ'ට ඊයේ (25) පැවසීය.

අත්අඩංගුවට ගත් නගරාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන බවත් ඔහුගේ නවෙසේදී මේ අත්අඩංගුවට ගැනීම කළ බවත් ස්ථානාධිපතිවරයා කීය.

පාලම් පාරුව පෙරළීයෑමේ සිද්ධියෙන් මේ වනවිට පාසල් දරුවන් සිව් දෙනකු ඇතුළු හය දෙනකු ජීවිතක්ෂයට පත්ව 20 දෙනකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.

රුවන්ත නිතුල්ගස්පිටිය

නව අදහස දක්වන්න