නව විභාග කොමසාරිස් එල්.එම්.ඩී. ධර්මසේන | දිනමිණ

නව විභාග කොමසාරිස් එල්.එම්.ඩී. ධර්මසේන

සිතාරා සේනානි

අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් එල්.එම්.ඩී. ධර්මසේන මහතා නව විභාග කොමසාරිස් ජනරාල්වරයා වශයෙන් පත් කරනු ලැබ සිටී.

ලබන සඳුදා (29) සිට ඒ මහතා සිය ධුරයේ වැඩ ආරම්භ කිරීමට නියමිතය. අධ්‍යාපන පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන එල්. එම්. ඩී. ධර්මසේන මහතා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග, පරිගණක සහ විමර්ශන ශාඛාවල විභාග කොමසාරිස්වරයකු ලෙස වසර 9ක් සේවය කර ඇත. එසේම කොළඹ ආනන්ද විද්‍යාලයේ සහ කොළඹ මහානාම විද්‍යාලයේ විදුහල්පතිවරයා වශයෙන්ද ඒ මහතා කලක් කටයුතු කළේය. අධ්‍යාපන අමාත්‍යාංශයේ විද්‍යා පීඨ කොමසාරිස්වරයා වශයෙන්ද කටයුතු කළ ධර්මසේන මහතා, පසුව අතිරේක ලේකම්වරයකු වශයෙන් පත්වීම් ලැබීය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරියකු වන එල්. එම්. ඩී. ධර්මසේන මහතා, මතුගම ආනන්ද ශාස්ත්‍රාලය, ලුණුගල මධ්‍ය මහා විද්‍යාලය සහ බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ලබා ඇත. ඒ මහතාගේ පත්වීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතියද ලැබී තිබේ.

නව අදහස දක්වන්න