‘ටින්කර් ලසන්ත‘ මරුට | දිනමිණ

‘ටින්කර් ලසන්ත‘ මරුට

පාතාල කල්ලි සාමාජික හේවා ලුණුවිලගේ ලසන්ත නොහොත් ‘ටින්කර් ලසන්ත‘ නැමැත්තා අද(26) අලුයම කළුතරදී පොලිසිය සමඟ සිදුවූ වෙඩි හුවමාරුවකින් මරණයට පත්ව තිබේ.
 
ඔහු කළුතර දියගම ප්‍රදේශයේදී පොලීසිය සමග ඇතිවූ වෙඩි හුවමාරුවදීයි මෙලෙස මිය ගොස් ඇත. 
 
සැකකරු කිසියම් අපරාධයක් සදහා කළුතර ප්‍රදේශයට පැමිණ ඇති බවට ලැබුණ තොරතුරකට අනුව පොලීසිය ඔහු ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
 
අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම්වලදී අවියක් සගවා ඇති බවට ඔහු සිදුකළ ප්‍රකාශයත් සමග එය සොයා ගැනීම සදහා දියගම ප්‍රදේශයට පැමිණි පසු මෙම වෙඩි හුවමාරුව ඇතිවූ බව පොලිසිය පවසයි.
 
‘ටින්කර් ලසන්ත‘ සන්ෂයින් සුද්දා ඝාතනයේ ප්‍රධාන සැකකරු බව පොලිසිය සදහන් කරයි.
 
කළුතර කොට්ඨාස අපරාධ අංශයේ නිළධාරීන් දෙදෙනෙකු ද සිද්ධියෙන් තුවාල ලබා රෝහල්ගත කර ඇත. 

නව අදහස දක්වන්න