කොවිඩ් එන්නත්කරණයට ඉලක්කගත වැඩසටහනක් | දිනමිණ

කොවිඩ් එන්නත්කරණයට ඉලක්කගත වැඩසටහනක්

ඉන්දීය රජය විසින් ක්‍රියාත්මක කර ඇති හාර් ගාර් ඩස්ටාක් (ගෙයින් ගෙට වැඩසටහන) කොවිඩ් එන්නත්කරණ වැඩ සටහන යටතේ අවම වශයෙන් වැඩිහිටි ජනගහණයෙන් 90%ක් මේ මස අවසානයට පෙර එන්නත්කරණයට ලක් කිරීමට අපේක්ෂිතය. එරට සෞඛ්‍ය හා පවුල් සුබසාධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය මනෝහාර් අග්නාන් පසුගියදා ඉන්දීය වාර්තාකරුවන්ට ප්‍රකාශ කළේ මේ වැඩිහිටි ජනගහණයෙන් බහුතරයකට අවම වශයෙන් කොවිඩ් මර්දන එන්නත්කරණයේ පළමු මාත්‍රාව ලබාදීමට කටයුතු කරන බවය.ගෙයින් ගෙට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ මේ මස 30 වැනිදා වන විට ඉන්දියාවේ වැඩිහිටි ජනතාවගෙන් 90%කට කොවිඩ් මර්දන පළමු එන්නත ලබාදීම සම්පුර්ණ කර දෙවැනි මාත්‍රාව සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීම එරට සෞඛ්‍ය අංශයේ අරමුණ වී තිබේ.

මේ වනවිට ඉන්දියාවේ වැඩිහිටි ජනතාවගෙන් 80%කට කොවිඩ් මර්දන පළමු එන්නත දී ඇති අතර, තවත් 39%කට දෙවැනි මාත්‍රාව ද සම්පූර්ණ කර තිබේ.

 

නව අදහස දක්වන්න