ITN නාලිකාවට මරික්කාර් නැඟූ චෝදනාව ගැන පරීක්ෂණයක් චෞරයන් රකින්නේ නැහැ ඇමැති ඩලස් කියයි | දිනමිණ

ITN නාලිකාවට මරික්කාර් නැඟූ චෝදනාව ගැන පරීක්ෂණයක් චෞරයන් රකින්නේ නැහැ ඇමැති ඩලස් කියයි

ස්වාධීන රූපවාහිනි ආයතනය තුළ බරපතළ වංවාවක් මේ වසර දෙක තුළදී සිදුව ඇති බවට ජනමාධ්‍ය අමාත්‍යාංශයීය වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා අවස්ථා විවාදයේදී පෙරේදා (25) පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා කළ චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙසට උපදෙස් දුන් බව ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (26) ප්‍රකාශ කළේය. වත්මන් ආණ්ඩුව නිසැකවම චෞරයන් ආරක්ෂා නොකරන බවට වගකීමෙන් යුතුව මේ සභාවට අවධාරණය කරන බවද ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මේ පාලන සමයේ වසර දෙකක කාලයේදී ස්වාධීන රූපවාහිනි ආයතනය තුළ බරපතළ වංචාවක් සිදුව ඇති බවට හා එහි සභාපතිවරයා සම්බන්ධයෙන්ද මන්ත්‍රීවරයා චෝදනා කළ බවද ඇමැතිවරයා කීය.

එස්. එම්. මරික්කාර් මහතා චෝදනා කළ ආකාරයට එම ආයතනයෙහි වංචාවක් සිදුව තිබේ නම් අදාළ අයට එරෙහිව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද ඇමැතිවරයා අවධාරණය කළේය.

ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා මතු කරන ලද ප්‍රශ්නයකට අදාළ පිළිතුර සභාගත කරමිනි.

තිස්ස කුට්ට්ආරච්චි මහතා, 2015-2019 කාලයේදී ස්වාධීන රූපවාහිනි සේවයේ වාහන මිලදී ගැනීමක් ගැන මේ ප්‍රශ්නය විමසා තිබෙන්නේ. ඊයේ මේ ගරු සභාවේදී විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා බරපතළ චෝදනා රාශියක් එල්ල කළා, පෙරේදා (25) මම පරීක්ෂණයක් ආරම්භ කරන්න කියලා කිව්වා. කථානායකතුමනි, නිසැකවම අපි චෞරයන් ආරක්ෂා නොකරන බව වගකීමෙන් යුතුව මේ සභාවට ප්‍රකාශ කරන්නට කැමතියි.”

ස්වර්ණා විජේකෝන්, නුවන් කොඩිකාර සහ

සන්ධ්‍යා කරුණාරත්න

නව අදහස දක්වන්න