රෝග ලක්ෂණ නැති කොවිඩ් රෝගීන් හැම තැනම සෞඛ්‍ය පුරුදු අනුගමනය ආරක්ෂාවට ඇති එකම මඟයි නි/සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කියයි | දිනමිණ

රෝග ලක්ෂණ නැති කොවිඩ් රෝගීන් හැම තැනම සෞඛ්‍ය පුරුදු අනුගමනය ආරක්ෂාවට ඇති එකම මඟයි නි/සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කියයි

 

කොවිඩ් රෝග ලක්ෂණ රහිතව රෝගය බෝ කරන පුද්ගලයන් සමාජය පුරා සිටින බවට වාර්තා වී ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා දිනමිණට ඊයේ (26) පැවසීය.

විවිධ හේතු පවසමින් කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත නොගත් පිරිස්ද සමාජයේ සිටින බවටද වාර්තා වී තිබෙන බවත් හෙතෙම කීවේය.

කොවිඩ් ව්‍යාප්තිය පාලනය කර ගැනීමට නම් අනිවාර්යයෙන්ම එළැඹෙන උත්සව සමය තුළදී වඩාත් සෞඛ්‍යාරක්ෂිත ලෙස ක්‍රියා කළ යුතු බවද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේය.

මේ වන විට සෞඛ්‍ය අංශ විසින් දිනකට 5,000 ඉක්මවා පීසීආර් පරීක්ෂණ කර ගෙන යන බවත් එසේ කළත් ඇතැම් විට රෝගීන් හමුවන්නේ රෝගය වැලඳුණු පසුව බවත් හෙතෙම කීවේය. ඒ නිසා රෝගය බෝ කර නොගැනීමත් රෝගය වැලඳීමෙන් පසුව එය ව්‍යාප්ත නොකර සිටීමත් වැදගත් බවත් ඒ මහතා පැවසීය.

සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම මෙයින් ආරක්ෂා වීමට ඇති එකම මඟ බවත් එන්නත ගෙන තවත් ආරක්ෂා වීම වැදගත් බවත් හේරත් මහතා කීවේය.

සුභාෂිණී සේනානායක

නව අදහස දක්වන්න