‘වාරි සෞභාග්‍යා’ වැඩසටහනට අය-වැයෙන් කෝටි 6,800ක් | දිනමිණ

‘වාරි සෞභාග්‍යා’ වැඩසටහනට අය-වැයෙන් කෝටි 6,800ක්

මෙවර අය-වැයෙන් රුපියල් මිලියන 68,000ක මුදලක් ‘වාරි සෞභාග්‍යා‘ වැඩසටහනට වෙන් කර ඇති බව වාරිමාර්ග ඇමැති චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (26) ප්‍රකාශ කළේය.

වාරි සෞභාග්‍යා කුඩා වැව් ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ වැව් දහසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළද මේ වන විට වැව් 1,500කට නොවැඩි ප්‍රමාණයක වැඩ කටයුතු අවසන් කිරීමට ආණ්ඩුවට හැකි වූ බවද ඇමැතිවරයා කීය.

කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍යාංශවල අය-වැය කාරක සභා විවාදයට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

ඒකාබද්ධ ජල සම්පත් කළමනාකරණයේ තවත් වැදගත් පැතිකඩක් පිළිබඳ ද අමාත්‍යාංශය විසින් දැඩි අවධානය යොමු කර ඇතැයිද එහි වැදගත් අංශයක් වනුයේ ශ්‍රී ලංකාවේ පොදු දිය බෙත්ම කළමනාකරණය යැයිද ඇමැතිවරයා පැවසුවේය.

ස්වර්ණා විජේකෝන්, නුවන් කොඩිකාර සහ

සන්ධ්‍යා කරුණාරත්න

නව අදහස දක්වන්න