ඉන්දියාවට ශ්‍රීලන්කන් ගුවන් ගමන් වැඩි කරයි | දිනමිණ

ඉන්දියාවට ශ්‍රීලන්කන් ගුවන් ගමන් වැඩි කරයි

 

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව නවතා දැමූ ඉන්දීය ගමනාන්ත වෙත ගුවන් ගමන් වැඩි කිරීමට ශ්‍රීලන්කන් ගුවන් සමාගම තීරණය කර ති‍බේ.

ඒ අනුව කොවිඩ් වසංගත තත්ත්වයට පෙර පැවති ලෙසම නැවත ශ්‍රීලන්කන් ගුවන් සේවය පත් කිරීම වෙනුවෙන් කැපවී සිටින බව ශ්‍රීලන්කන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ මහතා ප්‍රකාශ කරයි.

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ඉන්දීය මෙහෙයුම් පිළිබඳ සංචාරකයන් දැනුම්වත් කිරීමට සුදුසුම අවස්ථාව මෙය බවද සභාපතිවරයා ‍පෙන්වා‍‍ දෙයි.

මේ අතර ගෝලීය සංචාරක සීමා ලිහිල් කර ඇති බැවින් සංචාරකයන් අතර විශ්වාසය ගොඩනඟා ගැනීමටත් මෙය කදිම අවස්ථාවක් බව ‍පෙන්වා‍ දෙන අ‍ශෝක් පතිරගේ මහතා ශ්‍රී ලංකාවේ විශාලතම වෙළෙඳපොළ ඉන්දියාව වන බවද ඉන්දියාව වෙත පූර්ණ මෙහෙයුම් නැවත ස්ථාපිත කිරීමට ශ්‍රීලන්කන් ගුවන් සේවය කැපවී සිටින බවද ප්‍රකාශ ක‍ළේය.

මහින්ද අලුත්ගෙදර

නව අදහස දක්වන්න