ගිරිරාජ්, සරත් හා සම්පත් වෙනුවෙන් ‍අද බෙල්ලන්විලදී බෝධි පූජාවක් | දිනමිණ

ගිරිරාජ්, සරත් හා සම්පත් වෙනුවෙන් ‍අද බෙල්ලන්විලදී බෝධි පූජාවක්

රෝගාතුර වී රෝහල් ගතව ප්‍රතිකාර ලබන ගිරිරාජ් කෞශල්‍ය, සරත් චන්ද්‍රසිරි , සම්පත් තෙන්නකෝන් යන ප්‍රවීණ රංගන ශිල්පීන්ට සෙත් පතා නිදහස් කලා සන්ධානය බෝධි පූජා පින්කමක් සංවිධානය කර තිබේ.

ඔවුන් තිදෙනාට නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් පවත්වන මෙම සෙත් පිරිත් සජ්ඣායනය සහ බෝධි පූජා පින්කම අද (27) පස්වරු 6.00ට බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේදී පැවැත්වේ.

සිනමාව, වේදිකාව හා රූපවාහිනිය යන මාධ්‍ය තුළින් සිය රංගන ප්‍රතිභාව විදහා දක්වමින් සුවහසක් ප්‍රේක්ෂක ජනතාව පිනවූ අද්විතීය කලාකරුවන් වූ මොවුන් තිදෙනා, දැඩි ලෙස රෝගාතුර වී මේ වන විට ජීවිතය සමඟ පොරබදමින් සිටිති. ඔවුන් වෙනුවෙන් මෙම පුණ්‍ය කර්මයට සහභාගී වන ලෙස සියලුම කලාකරුවන්ට සහ ප්‍රේක්ෂක සහෘද සැමට නිදහස් කලා සන්ධානය සහෝදරත්වයෙන් ඇරියුම් කර සිටී.

නව අදහස දක්වන්න